ජපන් විශේෂඥයින්ගේ වාර්තාව ලබන සතියෙ

රටෙහි අතිවී තිබෙන කසළ ප්‍රශ්ණයට ඉතා කඩිනමින් ස්ථීරසාර විසදුමක් ගෙන ඒමට රජය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මල්වතු මහා නාහාමියන් බැහැ දකිමින් අද පැවසීය.

කොළොන්නාවට, කොළඹට පමණක් නොව, මෙය දැන් මෙය මුඵ රටටම ප්‍රශ්නයක් වී ඇතැයිද අග්‍රාමත්‍යවරයා පෙන්වා දුන්නේය.

අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැ දැකීමට ප්‍රථම දළදා මාළිගාවට ගොස් දළදා සමිදු වැද පුදා ගැනීමෙන් අනතුරුව අස්ගිරි පාර්ශවවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මහා නා හිමියන්ද බැහැ දුටුවේය.

මල්වතු මහා නාහිමියන් බැහැ දැකිමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ කසළ කළමනාකරණයට සමස්ත රටටම සැළැස්මක් ගෙන ඒමට සිදුව ඇති බවයි.

යිද එම කළමනාකරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන් තම ප්‍රදේශයේ පරිසරයට හානියක් වේ නම් ඒ පිළිබදව සාකච්ඡා කිරීමට හැකි බවයි.

මේ එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අගමැතිවරයා -

ගැටඵ ඇත්නම් එය නැවැත්වීම හෝ සංශෝධනය කිරීම කළ හැකියි.  එසේ නොමැතිව සිදු කරන උද්ඝෝෂණ වලින් ඵලක් නැහැ.

කසළ කළමනාකරණයට බලපත්‍ර ලබා දී ඇති ඇතැම් පෞද්ගලික ආයතන එම වැඩපිළිවෙළ මෙතෙක් ආරම්භ කර නැහැ. සති දෙකක් තුළ ඒවා ආරම්භ නොකරහොත් බලපත්‍ර පවරා ගන්නවා.

මහනුවර,ගාල්ල,මාතර,කුරුණෑගල වැනි නගර වල තවමත් එය ක්‍රියාත්මක නැහැ. ඔවුන් බලපත්‍ර විකිණීමට සූදානම් බවට ප්‍රකාශ කරනවා.

මෙතෙක් කල් හැමෝම කොළොන්නාවට කුණු ගෙන ගොස් දැමූවද දැන් එයට වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතුයි.

කොළොන්නාව කසළ ප්‍රශ්ණය සම්බන්ධයෙන් හා එහි ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට මෙරටට පැමිණි ජපන් නි‍යෝජිත කණ්ඩායමේ වාර්තාව ලබන සතියෙහි ලබා දෙනවා.

මීට අමතරව ලෝක බැංකු හා දේශීය කණ්ඩායමක් මෙහි විමර්ශණ සිදු කරනවා. ඒ වගේම ස්වීඩන් කණ්ඩායමක් මේ පිළිබදව විමර්ශණයක් කලා.

ජපන් ආධාර යටතේ කොළඹ,මහනුවර,හා ත්‍රීකුණාමළය නගර සංවර්ධනය කිරීමට රජය පියවර ගන්නවා.

(ඉන්දික පොල්කොටුව හා අසේල කුරුඵවංශ)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...