පැය 24ක් අඩු පීඩනය යටතේ හෙට කොළඹට ජලය | දිනමිණ

පැය 24ක් අඩු පීඩනය යටතේ හෙට කොළඹට ජලය

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 06.00 සිට පැය 24ක කාලයක් අඩු පීඩනය යටතේ ජලය සැපයීමට සිදු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කොළඹ කොටුව, කොම්පඤ්ඤවිදිය, කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල සහ මරදාන යන ප්‍රදේශවලට අද (21) අඩු පීඩනයක් යටතේ ජල සපැයුම සිදුවන අතර අඹතලේ ජල පවිත්‍රගාරයේ සිට කොළඹට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම පියවර ගැනීමට සිදු වන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

නව අදහස දක්වන්න