දඹුවවත්තට කසළ දැමීම නතර කරන්නැයි උද්ඝෝෂණ

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

කලගෙඩිහේන, වේයන්ගොඩ පාරේ දඹුවවත්තට කසළ බැහැර කිරීම නතර කරන ලෙස ඉල්ලමින් වේයන්ගොඩ ප්‍රදේශවාසීහු කොළඹ මහනුවර මහා මාර්ගයේ කලගෙඩිහේන හන්දියට විරෝධතා පාගමින් පැමිණ මහා මාර්ගයේ වාඩිවී කළ උද්ඝෝෂණයක් හේතුවෙන් පෙරේදා (19) දහවල් පැය දෙකක් පමණ තිස්සේ කොළඹ මහනුවර මාර්ගයේ වාහන ගමනාගමනයට බාධා පැමිණියේය.

දඹුවවත්ත කුණු කන්ද ඉවත් කිරීම සඳහා වන සර්ව ආගමික හා ප්‍රජා සංවිධාන එකමුතුව විසින් මෙය සංවිධාන කර තිබිණි. දඩගමුව මංසන්ධියේදී සිට පිරිස පාගමනින් කලගෙඩිහේන හන්දිය කරා පැමිණියේය.

මෙම පිරිස් දඩගමුව දී කසළ ගෙන ආ ට්‍රැක්ටරයක් ආපසු හරවා යවනු ලැබීය. පෙරදින රාත්‍රියේ ට්‍රක් රථ කිහිපයකින් මෙම කුණු කන්දට කොළඹ නගරයේ කසළ ගෙනවිත් දමා ඇති බවටද චෝදනා කැරනු ලැබීය. කොළඹ කසළ තබා කිසිම ආකාරයක කසළ ගෙනවිත් දැමීමට විරුද්ධ බව ඔවුහු කීහ. මෙම ස්ථානයේ කසළ දැමීමට විරුද්ධව තමන්ගේ මූලිකත්වයෙන් පැවරූ නඩුවක් කොළඹ අධිකරණයේ විභාග වෙමින් පවතින බවද ඔවුහු සඳහන් කළහ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...