මන්නාරම සුරාබදු කාර්යාලය විවෘත කිරීම උත්සවාකාරයෙන් | දිනමිණ

මන්නාරම සුරාබදු කාර්යාලය විවෘත කිරීම උත්සවාකාරයෙන්

වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

රුපියල් ලක්ෂ 200ක පමණ වියදමින් මන්නාරමේ අලුතෙන් ඉදිකරන ලද සුරාබදු කාර්යාලය පසුගිදා විවෘත කිරීම සිදුවිය. මන්නාරම හා වවුනියාව සුරාබදු ස්ථාන මගින් ප්‍රදේශයේ නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ඇතුළු සේවාවන් රැසක් ඉටුකරන සියලු පහසුකම් සහිත අතර නව කාර්යාලය ලැබීමත් සමග එම කාර්යන් තවදුරටත් කාර්යක්ෂම කළහැකි බව සුරාබදු නිලධාරිහු සඳහන් කරති. මේ උත්සව අවස්ථාවට අතිරේක සුරාබදු කොමසාරිස් ඒ.බෝදරගම, සුරාබදු කොමසාරිස් (අපරාධ) වන්සූරිය, සුරාබදු කොමසාරිස් (පාලන) ගාමිණි මහගමගේ, සුරාබදු කොමසාරිස් (ආදායම්) දිසානායක යන මහත්වරුන් අැතුළු උතුරු පළාතේ නිලධාරිහු ද එක්ව සිටියහ. 

නව අදහස දක්වන්න