කරාපිටිය වෛද්‍ය පීඨ සත්‍යග්‍රහයේ සිසුහු අට්ටාලයේ අවුරුදු සමරති | දිනමිණ

කරාපිටිය වෛද්‍ය පීඨ සත්‍යග්‍රහයේ සිසුහු අට්ටාලයේ අවුරුදු සමරති

ගාල්ල උතුර සමූහ - දික්වැල්ලේ තිලකරත්න

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළකරමින් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිට ආරම්භ කරනු ලැබ ඇති අඛ‍ණ්ඩ සත්‍යග්‍රහයේ යෙදී සිටින වෛද්‍ය සිසුන් සිය මවුපියන්ද සමග එක්ව ඉකුත් 14 වැනිදා සත්‍යග්‍රහය පවතින අට්ටාලය අසලදී සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරනු ලැබීය.

මෙම සත්‍යග්‍රහයේ යෙදී සිටින සිසුන් විසින් සිය මවුපියන්ද සහභාගි කරවාගනිමින් සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ කැවුම් කිරිබත් සහිත අවුරුදු කෑම මේසයක් පිළියෙළ කරනු ලැබූ අතර මවුපියන් විසින් සත්‍යග්‍රහයේ යෙදී සිය සිය දරුවන් වෙත කිරිබත් කවනු ලැබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දැකුවූ මවුපියන් පිරිසක් පවසා සිටියේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් සිය දරුවන් සත්‍යග්‍රහ කරමින් සිටින අතර තමන්ට නිවෙස් වල සිට කිරිබත් කෑ නොහැකි නිසා තමන්ද දරුවන් සමඟ අවුරුදු සැමරීමට සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයට පැමිණි බවයි.

නව අදහස දක්වන්න