වවුනියාවේ නිවාස රැසකට සුළඟින් දැඩි හානි

වව්නියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න

වවුනියාවේ ප්‍රදේශ කිහිපයකට පසුගියදා සවස පැවති වැස්සසත් හමාගිය සුලි කුණාටු තත්ත්වයක් හේතුවෙන් වවුනියාව කළුකුන්නම්මඩුව හා අළුත්ගම ගම්මානවල නිවාස 28 හානි සිදුව ඇත.

සවස 5.30ට පමණ ගිගුරුම් සහිත වැස්සත් සමඟ හමා ගිය සුළඟින් තමන් නිවාසවල වහල සහ ගෙවතු කෙසෙල් වගාවන්ට හානි සිදුව ඇති අතර ගස් කිහිපයක් හා ගස් අතු කඩා වැටීම්ද සිදුව තිබේ.

වවුනියාව භූ ඔය පාලම අසලදී පාර හරහා විශාල ප්‍රමාණයේ ගසක් කඩා වැටී සුළු වෙලාවක් ගමනාගමන කටයුතුවලටද බාධා එල්ලවිය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...