අනුරාධපුර ගොවින්ට වන්දි ලබාදීම කඩිනමින්

අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් සමුහ - නිමල් විජේසිංහ

අනුරාධපුර දිස්ත්‍රික්කයේ නියඟය නිසා වගා හානි වූ ගොවීන්ට වන්දි ගෙවීමේ කටයුතු කඩිනම් කොට තිබේ.

 මේ පිළිබදව දිනමිණට කරුණු දැක් වූ දිසාපති ආර්.එම්. වන්නිනායක මහතා අදියර කීපයකින් වගා හානියට ලක් වු සෑම ගොවි පවුලකටම නියමිත වන්දි මුදල් නිවැරදිව ලබා දීමට කටයුතු කරගෙන යන බව අවධාරණය කෙළේය.

මේ වන විටත්, ගොවිතැන් කොට එම වගාවන් නියඟයට හසු වී විනාශ වි ඇති ගොවීන් 30080 දෙනකුට රු. දසලක්ෂ 417.02 ක වන්දි මුදල් ගෙවීමට පියවර ගෙන තිබේ. එක් පවුලකට වන්දි වශයෙන් ලැබෙන රු. 40000 රු. 10000 බැගින් ගෙවීම සඳහා මෙම මුදල් වෙන් කොට ඇති අතර දැනටමත්, අදාළ මුදල ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැරකොට ඇතැයිද දිසාපතිවරයා පැවැසීය.

මේ අතර නියඟය නිසා ඇති වූ ජල හිඟය හේතු කොට ගෙන කිසිදු වගාවක් සිදු නොකළ ගොවි පවුල් සංඛ්‍යාව 55000 ක් බව ගණන් බලා ඇත. උස් බිම් වල අතුරු භෝග වගා කළ ගොවීන්ගේ සංඛ්‍යාව 15000කි . මේ සියලු දෙනාටද වගා හානි සඳහා වන්දි ගෙවන අතර ඉදිරි සතිය තුළ ඔවුන්ගේ බැංකු ගිණුම් වලටද රු 10000 මුල් වාරිකය බැර කිරීමට පියවර ගන්නා බව අනුරාධපුර සහකාර ගොවිජන සංවර්ධන කොමසාරිස් අසික සෝමවංශ මහතා දිනමිණට පැවැසීය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...