පයාගල පොතුවිල නව ආදාහනාගාරයේ ඉදිකිරීම් අතරමඟ

බේරුවල නගර සභාව මඟින් පයාගල පොතුවිල සුසාන භූමි පරිශ්‍රයේ ඉදිකොට ඇති නව ආදාහනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම අතරමග නවතා දැමීම නිසා යොදවා ඇති මහජන මුදල්ද අපතේ යමින් පවතින බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

විශාල මුදලක් යොදවා බොහෝදුරට වැඩ නිමකොට ඇති මෙම ගොඩනැගිල්ල මේ වනවිට ගවයන් ලැගුම් ගන්නා ස්ථානයක් බවට පත්ව තිබේ.

සුසාන භූමිය අසලින් වැටී ඇති මාර්ගයක විදුලි පද්ධතිය ආදාහනාගාර ගොඩනැගිල්ල මැදින් වැටී ඇති අතර එය ඉවත්කිරීමට මෙතෙක් කටයුතු කර නැත.

මේ පිළිබඳව ප්‍රදේශවාසියකු මෙසේ අදහස් දැක්විය.

මේ ගොඩනැඟිල්ල හදන්න පටන් ගන්නකොට ප්‍රශ්න ගොඩාක් ආවා. අවසානයේ අධිකරණයටත් ගියා. කොහොම හරි අවසානයේ ගොඩනැගිල්ල හැදුවා. දැන් තියෙන්නෙ තව පොඩි වැඩ ටිකක්. ඒක කරන්නෙ නැතුව අපරාදේ මේක නවත්තලා. දැන් මේ ගොඩනැගිල්ල විනාශ වෙනවා. ගවයො ලැගලා ටයිල් පොළොව විනාශ වෙනවා. විදුලි කම්බිය බිත්තිය මැදින් යන්නෙ. මේවා තවම විසඳිලා නැහැ.

කෙසේ වූවද මෙම ආදාහනාගාර ගොඩනැගිල්ල කඩිනමින් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු කිරීම බලධරයින්ගේ වගකීමය.

‍කටුකුරුන්ද සමූහ-කපිල කුලසිංහ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...