අසරණ දරු පවුලකට කිරිඳිවැල පොලිසියෙන් අතහිත

කිරිඳිවැල සමූහ - ජී. එස්. නැලිගම

කිරිඳිවැල පොලිස් වසමේ මීතිරිගල 379 වටවල ග්‍රාම සේවා වසමේ වඩුවාත්ත පදිංචිව සිටි ලලිත් දිසානායක නමැති(41) ආබාධිත අයගේ නිවෙසට ඉකුත් පෙබරවාරි මාසයේ දිනක පැමිණි ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් එම නිවෙසේ ගෘහනිිය වූ නිලුපා දිල්රුක්ෂි(35) තිදරු මවට අතවර කිරීමට තැත් කර එය ඉටුකරගැනීමට නොහැකි වීමෙන් ඔවුන් විසින් එම කාන්තාවට ඇසිඩ් ගසා පළා ගොස් ඇත.

දරුණු පිළිස්සුම් සහිත එම කාන්තාව මේ වන විට කොළඔ කාන්තා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර දරුවන් සහ ආබාධිත සැමියා රැක බලා ගැනීම ප්‍ර‍දේශ වාසීන් විසින් සිදු කරනු ලබයි. දරු තිදෙනා පල්ලෙගම වේරහැර මහා විද්‍යාලයේ නවය වසර , හය වසර. සහ තුන වසර වල ඉගනුම ලබන දක්ෂ දරුවෝ වෙති. එහෙත් ඔවුන් අද ඉතාම අසරණව සිටින අතර මෙවර සිංහල අවුරුද්ද වෙනුවෙන් කිරිඳිවැල පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකය සංවිධානය කරන ලද එම නිවෙසට නෑගම් යෑම පසුගිය දා සිදු කරන ලදී. නිවෙසට අවශ්‍ය සහල්, වියළි ආහාර ද්‍රව්‍ය, දරුවන්ට පාවහන්. පොත්පත් ඇතුළු අංග සම්පූර්ණ ද්‍රව්‍ය තොගයක් රැගෙන එම නිවෙසට ගොස් භාර දෙන ලදී.

හිස්සැල්ල ශ්‍රී සේලතලාරාමාධිපති පූජ්‍ය විජයරාජපුර විජිත හිමි, පල්ලේගම පූර්වාරාමයේ ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය උඩවල කේතියධම්ම හිමිවරු ද මෙම අවස්ථාවට වැඩම කරන ලදී. ග්‍රාම නිලධාරීනී දිල්රුක්ෂි ජයසූරිය මියද ප්‍රජා පොලිස් ඒකකයේ උප පොලිස් පරීක්ෂිකා විනීෂියා මහත්මිය ඇතුළු පොලිස් නිලධාරීහු මෙම වැඩසටහන සංවිධාන කළහ. මෙම අවස්ථාවට කිරිඳිවැල පොලිස් ස්ථානාධිපති පෙලිස් පරීක්ෂක ලයනල් සේනානායක මහතා ද සහභාගි විය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...