වාහනයක ගැටී තුවාල ලැබූ හදුන් දිවියාට වනජීවියේ පිහිට | දිනමිණ

වාහනයක ගැටී තුවාල ලැබූ හදුන් දිවියාට වනජීවියේ පිහිට

පසුගියදා රාත්‍රියේ වාහනයක ගැටී තුවාල ලබා මාර්ගය අයිනේ වැටී සිටි හදුන් දිවියකු ගල්ගමුව වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් ගල්ගමුව වනජීවී නිලධාරී කාර්යාලයට ගෙනැවිත් තිබේ.වාරියපොළ, මාල්වාන ප්‍රදේශයේදී මෙම හදුන් දිවියා වාහනයක ගැටී ඇති බවත්, සත්ත්වයාගේ දිග අඩි දෙක හමාරක් බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

මෙම සත්වයා හොඳින් වැඩුණු අවුරුදු පහක් පමණ වයසැති දිවියකු බවත් ඩී. එම්. ඒ. කේ දිසානායක, රියැදුරු ඉෂාන් ශිවන්ත යන මහත්වරුන් මෙමයා හදුන් දිවියා වනජීවී කාර්යාලයට ගෙන ආ බවද එම නිලධාරීහු පවසති.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න