ගම්පහ පළාත් පාලන ආයතන ක්‍රීඩා ශූරතාව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට

අත්තනගල්ල ප්‍රාදේශීය සභා පිලට බස්නාහිර පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතා අතින් ශූරතා කුසලානය පිරිනැමූ අයුරු.

ගම්පහ දිස්ත්‍රික් අන්තර් පළාත් පාලන ආයතන ක්‍රීඩා උළෙලේ ශූරතාව දිනා ගැනීමට අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සමත් වූ අතර අනුශූරතාව මීගමුව මහ නගර සභාවට හිමිවිය.

ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයේ පැවැති ක්‍රීඩා උළෙලේදී අත්තනගල්ල කණ්ඩායම ලකුණු 56ක් රැස්කර ගනිද්දි මීගමුව මහ නගර සභා පිලට ලකුණු 51 හිමිවිය. තෙවැනි ස්ථානය හිමිවූයේ ලකුණු 45ක් ලබාගත් කටාන ප්‍රදේශීය සභාවටය.

තරගාවලියේ අවුරුදු 40න් පහළ අතිශූර ක්‍රීඩකයා ලෙස මීගමුව මහ නගර සභාවේ එච්.එම්.අබ්දුල්ලා සහ අතිශූර ක්‍රීඩිකාව ලෙස අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ පූර්ණිමා සෙව්වන්දි සම්මාන ලැබූහ.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සමන්ත ඉන්දික සහ මීරිගම ප්‍රදේශීය සභාවේ ධම්මිකා ප්‍රියන්ති අවුරුදු 40න් ඉහළ අතිශූර ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්හ.

ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය බස්නාහිර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රානි සමරකෝන් මහත්මියගේත්, සමාප්තිය හා ජය සංකේත ප්‍රදානය පළාත් මහ ඇමැති ඉසුරු දේවප්‍රිය මහතාගේත් ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ගම්පහ අතිරේක සහ ගම්පහ දිස්ත්‍රික් විශේෂ

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...