සාන්ත සෙබස්තියන්-එස්.ද එස්. ජයසිංහ පළමු කොටසට

ෆවුස් මොහොමඩ්

කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් ලබන මැයි මස ඇරැඹෙන අන්තර් පාසල් අවුරුදු 17න් පහළ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියට කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල සහ දෙහිවල එස්.ද එස්. ජයසිංහ විදුහල සුදුසුකම් ලබයි.

පසුගිය වසරේ දී මේ තරගාවලියේ දෙවැනි කොටස යටතේ තරග වැදුණු කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිල එහි ශූරතාව දිනාගැනීමත් සමග පළමු කොටසට ඇතුළත් වී සිටින අතර දෙහිවල එස්.ද එස්.ජයසිංහ විදුහල අනුශූරයන් වීමෙන් මෙවර පළමු කොටසට එක්වී තිබේ.

ඒ අනුව පසුගිය වසරේ දී පළමු කොටසේ තරගාවලියට ක්‍රීඩා කළ මරදාන සහිරා විදුහල සහ අනුරාධපුර මැදි විදුහල දෙවැනි කොටස දක්වා පහත වැටී සිටිති. ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සංවිධානයෙන් සහ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ පූර්ණ අනුග්‍රහයෙන් යුතුව පැවැත්වෙන මේ තරගාවලියේ පළමු වටයේ තරග 75ක් කාණ්ඩ 10ක් යටතේ ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙයි. පළමු වටයෙන් තෝරාගන්නා කණ්ඩායම් 32ක් දෙවැනි වටයේදී තරග කිරීමට නියමිතය. කාණ්ඩ 8ක් යටතේ පැවැත්වෙන දෙවැනි වටයේ තරග ද ලීග් ක්‍රමයට අනුව පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩවල ශූරයන් සහ අනුශූරයන් අර්ධ අවසන් පූර්ව වටයට පෙර වටයේදී (pre quarter final) තරග වදිනු ඇත.

එක්දින තරග මුහුණුවර යටතේ පැවැත්වෙන අවුරුදු 17න් පහළ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ පසුගිය වසරේදී ශූරතාව දිනාගැනීමට මොරටුව සාන්ත සෙබස්තියන් විදුහල සමත්වූ අතර එහි අනුශූරතාව දිනාගනු ලැබුවේ තර්ස්ටන් විදුහල විසිනි.

මෙවර තරගාවලියට සහභාගිවන කණ්ඩායම් මෙසේය.

‘ඒ’ කාණ්ඩය - කොළඹ අශෝක විදුහල, සාන්ත තෝමස් ‘ඒ’ පිල, ද මැසනෝද් ‘ඒ’ පිල, පානදුර රාජකීය, මොරටු විද්‍යාලය, මහනාම ‘ඒ’ පිල, රාජකීය ‘ඒ’ පිල, දෙහිවල එස්.ද එස්. ජයසිංහ විදුහල

‘බී’ කාණ්ඩය - ධර්මපාල ‘ඒ’ පිල, වේල්ස් කුමාර ‘ඒ’ පිල, වත්තල සාන්ත අන්තෝනි, ඩී.එස්.සේනානායක ‘ඒ’ පිල, වාද්දුව මැදි විදුහල, පානදුර සාන්ත ජෝන්, තර්ස්ටන් ‘ඒ’ පිල, මාරිස්ටෙලා.

‘සී’ කාණ්ඩය - කළුතර තිස්ස මැදි විදුහල, ඉසිපතන ‘ඒ’ පිල, ශ්‍රී ධර්මාලෝක කැලණිය, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ම.වි, සාන්ත ජෝන් ‘ඒ’ පිල, පානදුර මහානාම, කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලය, ශ්‍රී සුමංගල පානදුර.

‘ඩී’ කාණ්ඩය - නාලන්ද ‘ඒ’ පිල, සාන්ත පීතර ‘ඒ’ පිල, ඩි ලා සලේ කොළඹ, කේරී ‘ඒ’ පිල, සාන්ත ජෝශප් ‘ඒ’ පිල, ලුම්බිණි , වෙස්ලි ‘ඒ’ පිල, ගම්පහ බණ්ඩාරනායක,

‘ඊ’ කාණ්ඩය - පිළියන්දල මැදි විදුහල, මොරටුව සාන්ත සෙබස්තියන් ‘ඒ’ පිල, කෝට්ටේ ජනාධිපති විදුහල, කැලණිය ගුරුකුල, කළුතර සිරි කුරුස, සාන්ත බෙනඩික්ට් ‘ඒ’ පිල, ආනන්ද ‘ඒ’ පිල.

‘එෆ්’ කාණ්ඩය - සාන්ත පීතර මීගමුව ‘ඒ’ පිල, කටුනේරිය සාන්ත සෙබස්තියන්, සාන්ත ජෝශප්වාස් වෙන්නප්පුව, මාරවිල සාන්ත ක්ෂේවියර්, හලාවත සාන්ත මරියා, යාපනය සාන්ත ජෝන්, ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල.

‘ජී’ කාණ්ඩය -කිංග්ස්වුඩ්, සඳලංකාව මැදි විදුහල, ත්‍රිත්ව ‘ඒ’ පිල, කෑගල්ල සාන්ත මරියා, ඉබ්බාගමුව මැදි විදුහල, කුරුණෑගල සාන්ත ආනා, මලියදේව ‘ඒ’ පිල.

‘එච්’ කාණ්ඩය -විද්‍යාර්ථ, සාන්ත සිල්වෙස්තර, සාන්ත අන්තෝනි මහනුවර ‘ඒ’ පිල, සාන්ත තෝමස් මාතලේ ‘ඒ’ පිල, කෑගලු විද්‍යාලය, ධර්මරාජ ‘ඒ’ පිල, කටුගස්තොට ශ්‍රී රාහුල, මහනුවර ශ්‍රී සුමංගල

‘ජේ’ කාණ්ඩය - අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද, බලපිටිය රේවත, කළුතර විද්‍යාලය, මාතර සාන්ත තෝමස්, රාහුල, මහින්ද, දෙබරවැව ජාතික පාසල.

‘කේ’ කාණ්ඩය -විද්‍යාලෝක ගාල්ල, මාතර සාන්ත සර්වේෂස්, සාන්ත ඇලෝසියස්, අම්බලන්ගොඩ ධර්මාශෝක, රිච්මන්ඩ්, පී.ද එස්.කුලරත්න, රත්ගම දේවපතිරාජ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...