නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සම­ඟින් අලුත් අවු­රුදු ඇර­ඹු­මට වාසි රැසක් | දිනමිණ

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ක්‍රෙඩිට් කාඩ්පත් සම­ඟින් අලුත් අවු­රුදු ඇර­ඹු­මට වාසි රැසක්

අලුත් අවුරුද්ද යනු රටේ බහුතරයක් ජනතාව ජාති ආගම් භේදයකින් තොරව සමරන උත්සවයකි. කැවුම් කොකිස් හා අවුරුදු ක්‍රීඩා ආදිය මෙන්ම අවුරුදු සමයේ ලැබෙන නොයෙකුත් ඉතුරුම් හා වාසි සඳහාද බොහෝදෙනෙක් නොඉවසිල්ලෙන් බලා සිටිති. මේ බව හොඳින් හඳුනන නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙවර සිය කාඩ්පත් හිමියන්ට අලුත් අවුරුදු සමය එළඹීමටත් කලින්ම අවුරුදු සතුට අත්විඳීමට අත්වැලක්වීමට සූදානමින් සිටී.

මේ අනුව 2017 මාර්තු පළමුවැනිදා සිට සුවිශේෂී ඉතුරුම්, පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම සහ තවත් සුවිශේෂී ප්‍රතිලාභ රාශියක් සිය කාඩ්පත් වෙත ලබාදීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කටයුතු යොදා ඇති අතර මෙම දීමනා අවුරුදු සමය ළඟා වනවිට තව තවත් පුළුල් වනු ඇත. අවුරුදු සමයේ ගේ දොර වැඩිදියුණු කරගැනීමේ සිට මෙතෙක් අපේක්ෂාවෙන් සිටි නිවාඩුව ගතකිරීමට යෑම දක්වා ඔබේ බලාපොරොත්තුව කුමක් වූවත් ඒ සඳහා ඔබට අත්වැලක් වීමට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අමෙරිකන් එක්ස්ප්‍රස් සූදානමින් සිටී. එමෙන්ම විලාසිතා, ආහාරපාන, ඉඳුම් හිටුම්, ආභරණ, ළමා ඇඟලුම්, සෙල්ලම් බඩු, සංචාරක සේවා සහ සුපිරි වෙළෙඳ සැල්වලින් මිලදී ගන්නා භාණ්ඩ ආදිය සඳහා සුවිශේෂී දීමනාවන් සමඟින් අලෙවිසල් රාශියක් සමඟ එක්වී පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රම ලබාදීම සඳහා නේෂන්ස් ට්‍රස්ට් බැංකුව පියවර ගෙන ඇත.

මෙම දීමනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ කාඩ්පත් ප්‍රධානී නිමේෂ් ප්‍රනාන්දු මහතා පැවසුවේ උත්සව ස‍මයේදී ගනුදෙනුකරුවන්ගේ සතුට තවත් වැඩිකිරීම සඳහා කල්තබාම මෙම දීමනා ක්‍රියාත්මක කිරීම නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තීරණය කළ බවයි. 

නව අදහස දක්වන්න