ගලෙන්බිඳුණුවැව ගම්මාන රැසකට වන අලි තර්ජන | දිනමිණ

ගලෙන්බිඳුණුවැව ගම්මාන රැසකට වන අලි තර්ජන

 දෛනිකව සවස් කාලය වනවිට වන අලින් ගම් වැදිම නිසා ගලෙන්බිදුනවැව ප්‍රදේශයේ ගම්මාන රැසක ජන ජිවිත මේවන විට දැඩි ලෙස පිඩාවට පත්ව තිබේ.

රිටිගල,ඒරුවැව හා හබරණ රක්ෂිතවල වාසය කරන වන අලින් 90කින් පමණ සමන්විත වු කණ්ඩායමක් මාස දෙකක පමණ කාලයක සිට ගම් වැදීම නිසා වගා බිම් සහ ගෙවතු සියල්ලක්ම පාහේ මේ වන විට විනාශ කර දමා ඇතැයි ජනතාව සදහන් කරති.වන අලි රංචු මේ වන විට මානක්කට්ටිය,වෙම්බුවැව,පලුගොල්ලෑගම,යකල්ල,උල්පත්පාර,මුරියාකඩවල,වෙහෙරගල,සිවලාකුලම හා අලුත්වැව යන ප්‍රදේශවල සැරි සරමින් දෛනික ජන ජීවිතය පීඩාවට පත් කරමින් සිටින බවට ජනතාව පවසති.මේ වන විට වගා ළිං උපයෝගී කර ගනිමින් ගෙවතුවල වගා කර තිබූ පොල් ඇතුලු අනෙකුත් දීර්ඝ කාලීන කෙටි කාලීන ආර්ථික බෝග වගාවන් මෙන්ම බඩඉරිගු,පැණි කොමඩු වගාවන්ද මුලුමනින්ම විනාශ කර ඇති බවත් දිවා රාත්‍රී කාලය පුරා රංචු හා තනි තනිව වන අලින් සැරි සැරීම නිසා දෛනික ජන ජීවිතය මුළුමනින්ම බිද වැටී ඇති බවත් ඔවුහු කියති.

අලි වෙඩිල්ලක් ලබා දී තාවකාලික විසදුමක් ලබා දීම කෙරෙහි පමණක් වනජීවී නිලධාරීන් කටයුතු කරනවා හැරෙන්නට ස්ථිර විසදුමක් කෙරෙහි අවධානයක් යොමු නොකරන බවද හිරිහැරයට ලක්වු ගම්වාසීහු පවසති.

හේන් වගාවන් සදහා දීර්ඝ කාලීනව සිදු කළ අනවසර කැලෑ එළි කිරීම,වන අලින්ගේ සංක්‍රමනික මාර්ග අහුරා දැමීම,ඇතැම් දේශපාලඥයන් විසින් සිදුකරන ලද නව ව්‍යාපෘති,අනවසර ලෙස රජයේ රක්ෂිත අත්පත් කර ගැනීම හා තාවකාලික විසදුම් ලෙස විදුලි වැටවල් ඉදිකිරීම මේ අලි මිනිස් ගැටුමට ප්‍රධාන වශයෙන් බලපා ඇතැයිද මේ සම්බන්ධයෙන් කළ විමසුමක දී වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් පැවැසීය.

මහ වනය දිවා කාලයේ දී නිදා ගැනීමට පමණක් භාවිත කිරීමට වන අලින් පුරුදුව සිටින බවත් දැඩි ආහාර හිගය හා ජල හිගය හේතුවෙන් වන අලින් ගම්වැදීමට හුරුවී සිටින බවත් එම නිලධාරියා පැවසීය.මෙම අලි මිනිස් ගැටුමට කෙටි කාලීනව ස්ථිර විසදුම් සෙවීම අපහසු බවත් වන සතුන් දිය කඩක් ආශ්‍රිතව ජීවත් වීමට දරණ උත්සාහයන් කිසිසේත් වළක්වා දැමිය නොහැකි බවත් හෙතෙම පැවසීය.

මෙම වන අලි රංචුව වෙනත් ප්‍රදේශයකට පලවා හැරීම සිදු කළද අලි මිනිස් ගැටුමට තාවකාලික විසදුමක් හැරෙන්නට ස්ථිර විසදුමක් නොලැබෙන බවත් හෙතෙම වැඩිදුරටත් පැවැසීය.

ජායාරුප-අනුරාධපුර මධ්‍යම සමුහ


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...