කළුතර වර්නන් ක්‍රීඩා පිටියේ ජල කරාමත් වගුරක

කළුතර නගර මධ්‍යයේ පිහිටුවා ඇති වර්නන් ක්‍රීඩා පිටියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිපාසයට වතුර බීමට සාදා ඇති ජල කරාම 3කි. ඒ අසල මඩ වගුරකි, කසළ ගොඩකි, ජලය බැස යාමට කානුවක් නැත. ජල කරාමයේ උස බිම සිට අඩියක් පමණය. මහන්සිවී දිව එන දරු දැරියෝ බිම පහත්වී සතුන් මෙන් වතුර බීගෙන යති. මීට වඩා අපේ ළමා පරපුරේ අවශ්‍යතා, සනීපාරක්ෂක කටයුතු ගැන මීට වඩා සොයා බැලිය යුතුව ඇත. මේ සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වේවා යන්න මවුපියන්ගේ හැඟීමයි.

ඡායාරූපය-සුනේත්‍රා වන්නි ආරච්චි කළුතර දකුණ විශේෂ 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...