කොරියාව හා ජාතික ඔලිම්පික් කමිටුව අතර ගිවිසුමක්

ප්‍රින්ස් ගුණසේකර

 කොරියාවේ සියෝල් තරුණ මධ්‍යස්ථානය හා ජාතික ඔලිම්පික් කමිටුව අතර සංස්කෘතික හුවමාරු ගිවිසුමකට අනුව ශ්‍රී ලංකාවේ දරුවන්ට පාවහන් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ඇරැඹෙයි. ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතා හා සියෝල් තරුණ මධ්‍යස්ථානයේ සංස්කෘතික හුවමාරු ව්‍යාපෘති සම්බන්ධීකාරක සන්ග් චුල් කිම් මහතා සමග මේ ගිවිසුම් හුවමාරුව පෙරේදා ‘ඔලිම්පික් නිවහනේදී’ සිදුවූ අතර මූලික අදියරේදී පළාත් කිහිපයක පාවහන් ප්‍රදානය සිදු කොරේ. මේ පාවහන් නිෂ්පාදනය හා අලංකාර ලෙස පින්තාරු කිරීම කොරියාවේ දරුවන් අතින් සිදුවි ඇති අතර ශ්‍රී ලංකාවේ දරුවන් වෙත විවිධ පණිවිඩ ද ඒ සමග ලියා ඇත.

කොරියාව හා ශ්‍රී ලංකාව අතර ඇතිවූ මේ ව්‍යාපෘතිය ‘හෝප්’ ලෙස නම් කොට ඇති අතර මෙයට පෙර බංග්ලාදේශය, උගන්ඩාව, තායිලන්තය, වියට්නාමය, මියන්මාරය, නේපාලය හා ලාඕසය වැනි රටවල සිදුවී ඇත. මේ පිළිබඳව අදහස් දැක්වූ ජාතික ඔලිම්පික් කමිටුවේ පාඨමාලා අධ්‍යක්ෂිකා අනෝමා රත්නායක මහත්මිය පැවැසූවේ මේ වැඩසටහන දුප්පත් දරුවන් වෙත පාවහන් ප්‍රදානයක් නොවන බවයි.

“කොරියාවේ යූත් සෙන්ටර් එක විවිධ ව්‍යාපෘති ලොව පුරා ඉටු කරනවා. මෙය එක් ව්‍යාපෘතියක් පමණයි. ජාතික ඔලිම්පික් කමිටු සභාපති හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ඉල්ලීමක් අනුව ඉදිරියේදී කොරියාව හා ශ්‍රී ලංකාව අතර විවිධ ක්‍රීඩා වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ජාතික ඔලිම්පික් කමිටුවක් සමග කොරියාවේ සියෝල් යූත් සෙන්ටර් එක ව්‍යාපෘතියක් දියත් කරන පළමු අවස්ථාව මෙයයි. ඒ නිසා මෙය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රෙය් ඉදිරි වැඩ සටහන් වලට යහපත් ආරම්භයක් වෙනවා” රත්නායක මහත්මිය පැවැසුවාය.

කොරියාවේ දරුවන්ගේ මානුෂීය හැගීම් සෑම පාවහන් යුගලක් සමගම සටහන්ව ඇති අතර “ආදරය සියල්ල ජය ගනී”, “මිතුදමට අත්වැලක්” හා “හලෝ මා කොරියාවේ ජූ හී. ඔයා මේ සපත්තුවලට කැමැතියි වගේ” ආදී පාඨ ලියා තිබුණි.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...