ශ්‍රී ලංකා රගර් සංචිතය තේරීම අද

ෆවුස් මොහොමඩ්

පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රගර් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීම අද පෙරවරු 8.00 සිට කොළඹ තුරඟ තරග පිටියේදී පැවැත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා සම්මේලනය මගින් කළ නිල ආරාධනයකට අනුව මේ තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරිපත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය පවසයි.

ඒ අනුව මෙවර තරගාවලියට ආසියාව නියෝජනය කරමින් සහභාගිවීමේ අවස්ථාව ලැබූ එකම රට බවට ශ්‍රී ලංකාව පත්වී ඇත. තරගාවලියට අමෙරිකානු කලාපය නියෝජනය කරමින් බහමාස්, ඕෂනියා නියෝජනයෙන් ෆිජී සහ සැමෝවා, අප්‍රිකාවෙන් කෙන්යාව සහ යුරෝපයෙන් එංගලන්තය එක්වී සිටිති.

ශ්‍රී ලංකා රගර් ආයතනය, ශ්‍රී ලංකා පාසල් රගර් සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙලේ රගර් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම සංචිතය තෝරාගැනීම සිදුකෙරේ. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...