ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට | දිනමිණ

ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා අත්අඩංගුවට

ප්‍රකට ඉන්දීය ව්‍යාපාරික විජය මල්යා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගත් බව ලන්ඩන් පොලීසිය උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.

වංචා චෝදනා සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

ඔහුට එරෙහිව චෝදනා එල්ල වී අත්තේ ඈවර කෙරුණු කිංග්ෆෂර් එයාර් ලයින්ස් සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙනි.

ඊට අමතරව යුරෝ මිලියන 600ක බැංකු ණය ගෙවීම් පැහැර හැර ඇති බවට ද ඔහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

නව අදහස දක්වන්න