කැතේ පැසි­ෆික් දිනපතා සේවයේ

මදාරා මුදලිගේ 

ලෝකයේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා ලොව ඉහළ පෙළේ ගුවන් සමාගමක් වන කැතේ පැසිෆික් ගුවන් මැන්චෙස්ටර් සේවය එළබෙන දෙසැම්බර් මාසයේ සිට දිනපතා සේවය සඳහා සුදානම්ව සිටියි. මේ වසර අවසානය වන විට උතුරු ඉංග්‍රීසි නගරයේ ( northern english city) ගුවන් ගමන් සංඛ්‍යාව වැඩි වීම නිසා මේ තීරණය ගෙන ඇත. ‍මේ පිළිබඳව කැතේ පැසිෆික් ගුවන් සේවයේ අධ්‍යක්ෂක මෙන්ම ආයතනික සංවර්ධන හා තොරතුරු තාක්ෂණ නිලධාරි පෝල් ලු ප්‍රකාශ කළේ

‘ කැතේ පැසිෆික් ගුවන් මැන්චෙස්ටර් සේවය අද වන විට ජනප්‍රිය වී ඇති ප්‍රකට ගුවන් සමාගමක්, අපගේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාරවලට ඇහුම්කන් දීම මෙන්ම ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකරලීම ද අපි සැලසුම් කර තිබෙනවා. අපගේ ගුවන් සේවයේ කාලසටහන වෙනස් කරමින් ලෝකයේ සංචාරක කර්මාන්තය නම්‍යශීලීව දියුණු කිරීම අපගේ අරමුණ බවට පත් වී තිබෙනවා. අපි අවුරුදු 35ක් පුරා එක්සත් රාජධානියේ සේවය කළා. ලන්ඩනය අපගේ පළමු යුරෝපීය ගමනාන්තය වුණා. අපි විසින් ගෙන ඇති මේ නවතම සැලසුම එක්සත් රාජධානියේ පමණක් නොව ලොව පුරා අපගේ මෙහෙයුම් ව්‍යාප්ත කිරීමට ද අපගේ කැපවීම අවධාරණය කරනවා’ යනුවෙන් පෝල් ලු මාධ්‍යයට ප්‍රකාශ කළේය.

කැතේ පැසිෆික් ගුවන් මැන්චෙස්ටර් සේවය හොංකොං සහ බ්‍රිතාන්‍ය මඟින් ප්‍රවාහනය කරන විශාලතම ගුවන් සේවය ද වේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...