එංගලන්ත ප්‍රාන්ත තරග බිමේ සංගාගෙන් ශතකයක් | දිනමිණ

එංගලන්ත ප්‍රාන්ත තරග බිමේ සංගාගෙන් ශතකයක්

හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර එංගලන්ත ප්‍රාන්ත තරග බිමේ සිය 10 වැනි ශතකය වාර්තා කිරීමට සමත්වෙයි. සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරන සංගක්කාර පෙරේදා ලැන්කෂයර් පිල සමග පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 136ක් රැස් කිරීමට සමත්වූ අතර එය ඔහු සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් වාර්තා කළ 7 වැනි ශතකය ද විය.

පළමුපෙළ සිවුදින ප්‍රාන්ත තරගාවලිය යටතේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ලැන්කෂයර් පිල ලකුණු 470ක් රැස් කළ අතර සරේ ප්‍රාන්ත පිල සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 319කි. එහිදී සංගක්කාර ලකුණු 46ක් ලබාගැනීමට සමත්විය. අනතුරුව ඉනිමක පරාජයෙන් බේරීමට යළි පිටියට පිවිසි සරේ පිලේ ඉනිම ශක්තිමත් කළ සංගක්කාර හතරේ පහර 15කින් සහ හයේ පහරකින් සිය ශතකය වර්ණවත් කළේය. හෙතෙම ස්කොට් බෝත්වික් සමග එක්ව තුන්වැනි කඩුල්ලට ලකුණු 256ක අගනා සම්බන්ධතාවක් ගොඩ නැගීමට ද සමත්විය. බෝත්වික් නොදැවී ලැබූ ලකුණු සංඛ්‍යාව 108කි. දිනය නිමාවනවිට සරේ පිල සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 323ක් ලබා ඉනිම අත්හිටුවූ අතර සංගක්කාරගේ සහ බෝත්වික්ගේ දස්කම් මත තරගය ජයපරාජයෙන් ‍තොරව නිමා කරගැනීමට සරේ පිලට හැකිවිය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...