ඇමෙරිකාවේ අනතුරු ඇඟවීමකට උතුරු කොරියාවෙන් ප‍්‍රතිචාර | දිනමිණ

ඇමෙරිකාවේ අනතුරු ඇඟවීමකට උතුරු කොරියාවෙන් ප‍්‍රතිචාර

මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය තවදුරටත් අඛණ්ඩව සිදු කරන බව උතුරු කොරියාව පවසයි.

එරට නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය හැන් සොන් යොල් බී බී සී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කර ඇත්තේ සතිපතා, මාසිකව සහ වාර්ෂික පදනම් යටතේ සිය මිසයිල අත්හදා බැලීම් ඉදිරියටත් ක‍්‍රියාත්මක කරන බවයි. 

උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් අමෙරිකාව ඉකුත්දා අනතුරු ඇඟවීමක් සිදු කල අතර අමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් ප‍්‍රකාශ කළේ අමෙරිකාවේ ඉවසීමේ යුගය අවසන්ව ඇති බවයි. 

ඊට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියානු නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍යවරයා මෙම ප‍්‍රකාශය සිදු කර තිබේ.

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...