WHATSAPP වෙනස් වෙයි | දිනමිණ

WHATSAPP වෙනස් වෙයි

ස්මාර්ට් ජංගම දුරකථන මෘදුකාංගයක් වන WhatsApp මෘදුකාංගයට නව විශේෂාංග කිහිපයක් එක්කර ඇති බව වාර්තා වෙයි.

මෙම WhatsApp මෘදුකාංගයයට අලුතින් එක්කර ඇති ප්‍රධානතම පහසු කම මගින් යම් අයෙක් තවත් පුද්ගලයෙකුට WhatsApp හරහා යවනු ලබන කෙටි පණිවුඩයක යම් වැරැද්දක් ඇත්නම් එම කෙටි පණිවුඩය මකාදැමීමට හෝ එහි ඇති වැරැද්ද නිවැරදිකර ආපසු යැවීමට හැකියාව ලැබෙනු ඇති.

අදාල වැරැද්ද නිවැරදි කිරීමට හෝ කෙටි පණිවුඩය මකාදැමීමට විනාඩි 05 ක කාලයක් ලබා දී තිබීම විශේෂත්වයක්.

WhatsApp මෘදුකාංගයට එක්කර ඇති අනෙක් පහසුකම වන්නේ WhatsApp මෘදුකාංගය භාවිතකරන යම් අයෙක් සිය දුරකථන අංකය වෙනස් කරනු ලැබූ අවස්ථාව ඒ සම්බන්ධයෙන් WhatsApp මෘදුකාංගය භාවිතකරන එම පුද්ගලයාගේ මිතුරන් වෙත ස්වයංක්‍රියව දැනුම් දෙනු ලබයි.

මෙම නව පහසුකම් නුදුරේදීම WhatsApp මෘදුකාංගයට එක් කරමින් හදුන්වාදීමට කටයුතු සැලසුම්කර ඇති බවයි වාර්තාවන්නේ.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...