මගේ ගමන ශක්තිමත්

Array ( [tid] => 38 [entity] => stdClass Object ( [tid] => 38 [vid] => 4 [name] => viral [description] => [format] => filtered_html [weight] => 2 [vocabulary_machine_name] => admin_tags [rdf_mapping] => Array ( [rdftype] => Array ( [0] => skos:Concept ) [name] => Array ( [predicates] => Array ( [0] => rdfs:label [1] => skos:prefLabel ) ) [description] => Array ( [predicates] => Array ( [0] => skos:definition ) ) [vid] => Array ( [predicates] => Array ( [0] => skos:inScheme ) [type] => rel ) [parent] => Array ( [predicates] => Array ( [0] => skos:broader ) [type] => rel ) ) ) [access] => 1 [taxonomy_term] => stdClass Object ( [tid] => 38 [vid] => 4 [name] => viral [description] => [format] => filtered_html [weight] => 2 [vocabulary_machine_name] => admin_tags [rdf_mapping] => Array ( [rdftype] => Array ( [0] => skos:Concept ) [name] => Array ( [predicates] => Array ( [0] => rdfs:label [1] => skos:prefLabel ) ) [description] => Array ( [predicates] => Array ( [0] => skos:definition ) ) [vid] => Array ( [predicates] => Array ( [0] => skos:inScheme ) [type] => rel ) [parent] => Array ( [predicates] => Array ( [0] => skos:broader ) [type] => rel ) ) ) )

ඉෂාරා දේවේන්ද්‍ර

ඇය නමින් ඉෂාරා දේවේන්ද්‍රය. රූපවාහිනී චැනල කිහිපයක නමගිය ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස අප හමුවූ ඇය බොහෝ කලක් අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. නමුත් අලුත්වී හැඩවූ සියත රූපවාහිනිය සමඟ එක්වූ ඈ නැවතත් නැවුම් අර්ථවත් ගමනක් අරඹා තිබේ. මේ කෙටි කතාබහ ඉෂාරා හඳුනන නමුත් ඇගේ නිහඬතාවය ගැන විමසන අය වෙනුවෙනි. ඇගේ අලුත් ගමන ගැන දැනගනු රිසියෙනි.

l ඉෂාරා නිවේදන ජිවිතේ පටන් ගත්තු මුල මතකද ?

මම මිඩියා වලට එන්නේ උසස් පෙළ කරන කාලේ 2007. මුලින්ම එන්නේ ජාතික රූපවාහිනියට. ජාතික රුපවාහිනියේ මම ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට තමයි සම්බන්ධ වෙන්නේ. 2007 ඉදන් 2008 වෙනකම් මම ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඊට පස්සේ මං ජාතික රුපවාහිනියේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට කටයුතු කරනවා අවුරුදු දෙකක්. ඒ කියන්නේ 2010 වෙනකම්. ඊට පස්සේ 2010 දී මම එනවා අයි.ටී. එන් එකට. 2010 ඉදන් 2015 වෙනකම් අයි.ටි. එන් එකේ. එහෙම තමයි වුනේ. ඊට පස්සේ මම csn එකෙත් හිටියා. දැන් සියත ටීවී තමයි වැඩ කරන්නේ.

l කාලයක් නිහඩව ඉදලා එකපාර සියතට ගියේ විශේෂ හේතුවක් නිසා ද ?

සියතට ගිහින් දැන් සති තුනක් විතර වෙනවා. සියතේ news එකේ තමයි ඉන්නේ. සියතෙන් ආරාධනාවක් ලැබුනා. අලුත් ගමනක් යන්න ඒ නාලිකාව බලාපොරොත්තු වෙනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයින් ඉන්නවා ඒ ආයතනය එක්ක අත්වැල් බැදගෙන. ඉතින් ආරාධනා ලැබුනාම මට හිතුනා ඒක මට ලැබුණු හොද අවස්ථාවක් කියලා මගේ ගමන තව ඉස්සරහට යන්න. ඉතින් මේ ආයතනය එක්ක අත්වැල් බැදගෙන හොද ගමනක් යන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ මට සියතට ආරාධනා කරපු සහ මමත් එක්ක එකට වැඩ කරන සියතේ පිරිසටත් මම ස්තුතිවන්ත විය යුතුයි. ඒ අය එක්ක මම මගේ අලුත් ගමන යනවා.

l සෑහෙන කාලයක් නිහඩව හිටිය නේද ?

සෑහෙන කාලයක් කියන්නේ 2015න් පස්සේ ගොඩක් කාලයක් නිහඩව හිටියා. යම් යම් අවස්ථා වල විදේශ ගත වෙන්න සිදු වුනා. ඒ අතරේ මගේ අධ්‍යාපන කටයුතු සදහාත් යම් කාලයක් වෙන් කරන්න සිදු වුනා. ඒ දේවල් එක්ක ටික කාලයක් නිහඩව හිටියා. අනික 2008 ඉදන් 2015 වෙනකම් එක දිගට වැඩ කරපු නිසා පොඩි විරාමයක් අර ගන්න හිතුනා. ඒ විරාමය නිම කරලා තමයි අලුත් නාලිකාව එක්ක සම්බන්ධ වුනේ.

l ඉෂාරා මේ නිවේදන ක්ෂේත්‍රය පිළිබද ඔබට තියෙන හැදෑරීම මොකක් ද ?

මම නිවේදනය ගැන හැදෑරීම කරන්නේ මම 2007 වසරේ ලාල් හේමන්ත මාවලගේ කියන දැනට ස්වාධින රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මහතාගෙන්. නිව්ස් කියන්න පුහුණු වැඩ මුළුවලට සහභාගී වුනා. එතුමාගේ ඩිප්ලෝමා පාඨමාලාවේදී. ඉන් අනතුරුව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ලේඛකත්ව සහ ජනසන්නිවේදන ඩිප්ලෝමා පාඨමාලාව හදාරලා තියෙනවා.

l නිවේදනය කියන්නේ කලාවක් ද ?

ඔව් නිවේදනය කියන්නේ කලාවක්. අපිට උප්පත්තියෙන්ම ඒ දේවල් තියෙන්නත් අවශ්‍යයි යම් තාක් දුරට. ඒ වගේ ම අපිට හැදෑරීමක් තුලින් ඒක තව දුරටත් ඔප මට්ටම් කර ගන්නත් පුළුවන්,

l මේ වෙද්දී ලංකාවේ නිවේදන වෘත්තීයට යහපත් තැනක් තියෙනවා කියලා ඉෂාරා හිතනවා ද ?

මෙහෙමයි මම හිතන විදියට තියෙනවා. ඒ කියන්නේ අපි තැනකට ගියාම මිනිස්සුන්ගේ ආදරය ගෞරවය පිළි ගැනීම ලැබෙනවා. ඒ දේවල් එක්ක සමාජයේ පිළිගැනීමක් තියෙනවා කියලා මම හිතනවා. හැබැයි ඒ හැමදේටම අපිට තියෙන හැකියාව වගේම දැනුමත් අවශ්‍යයි සමාජයේ ඒ කියන පිළිගනිම ලැබෙන තැනට යන්න නම්.

l මේ කාලය මාධ්‍ය කේෂ්ත්‍රයේ සංක්‍රාන්ති කාලයක් නේද ?

ඔව් මේ දවස් වල මාධ්‍ය ක්ෂේත්‍රයේ මාරු වීම් සැහෙන්න තියෙනවා. සමහර වෙලාවට තමන්ගේ දක්ෂතාවයට නිසි තැන හම්බෙන්නේ නැති උනාම සහ තමන්ට හිතෙනවා නම් දැන් ඉන්න තැනට වැඩිය මට අර තැනින් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා මිනිස්සුන්ට මතක හිටින විදියේ හොද වැඩක් කරන්න පුළුවන් කියලා හිතෙන කොට මිනිස්සු එහෙම තීරණ අරගෙන එහෙම මාරු වෙනවා. අනික එකම තැන ඉන්නවට වැඩිය අලුත් තැනක් එක්ක එකතු වෙලා හොද ගමනක් යන්න පුළුවන් නම් ඒ දේ හොද වෙයි.

l අවුරුදු 10ක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉදලා අධ්‍යාපනය ලබපු දේවල් වලින් අනාගත පරම්පරාවට දැනුමක් දෙන්න හිතිලා නැද්ද ?

අනිවාර්යෙන් එහෙම අදහසක් තියෙනවා. මට එහෙම ආරාධනාවකුත් ලැබිලා තියෙනවා. මට තියෙන වැඩ එක්ක ඒ ගැන තවම හිතුවේ නැහැ, මමත් තවම ඉගෙන ගන්නවා. හැබැයි ඒ ඉගෙන ගත්තු දේවල් වලින් දෙයක් කරන්න මම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. නමුත් මට වැඩිය මේ ක්ෂේත්‍රයේ මම ආදරය කරන මම ගරු කරන දැවැන්තයෝ ගොඩක් ඉන්නවා. ඒ අයගෙන් මමත් තවම ඉගෙන ගන්නවා. ඒ ගුරුවරුන්ගේ මම ඉගෙන ගත්තු දේවල් අනාගත පරපුරට කියාදෙන්න පුළුවන් දවසක් මටත් එයි.

l රංගනයට ආරාධනා තියෙනවා කියලාත් අපිට ආරංචියි ?

මට ආරාධනා නම් සැහෙන්න ලැබිලා තියෙනවා සහ තවමත් ලැබෙනවා. නමුත් රගපානවා කියන එකත් එහෙම හැදෑරීමක් නොකර එක පාර ඒ ක්ෂේත්‍රයට අඩිය තියන්න අමාරුයි. මම රංගනය ගැන හැදෑරීමක් කරලා නැහැ කවදාවත්. මොකද මගේ ආසාව තිබුනේ නිවේදන වෘත්තීයට නිසා. ඒ හීනේ එක්කයි මම වැඩ කරේ. ඒ නිසා මට තවම හිතිලා නැහැ රගපාන්න ඕනි කියලා. මම හිතෙනවා හිතෙන එකකුත් නැති වෙයි කියලා.

අරුණි කළුපහන


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...