ත්‍රාසය සහ භීතිය සපිරි සැබෑ 7D සිනමා අත්දැකීමක්

ජීවිතයේ නව අත්දැකීම් හඹා යන්නන්ට අපූරු මතකයන් සමීප කර ගැනීමට ශ්‍රී ලාංකේය ජනතාවට ප්‍රථම වරට හඳුන්වා දී ඇති 7D සිනමා අත්දැකීම ඔබටත් රස විඳිය හැකිය. බොහෝ දෙනා සිනමාපට නැරඹුවත් තවමත් ගත සිත කුල්මත් කරන 7D සිනමා අත්දැකීමක් අත්විඳ ඇත්තේ ඉතා සුළු පිරිසකි. කොළඹ Excel Worldys පිහිටා ඇති ග්‍රීන් ටෙල් 7D සිනමා ශාලාව වෙත පැමිණියොත් අමතක නොවන ඒ අපූරු 7Dසිනමා අත්දැකීම ඔබටත් අත්විඳිය හැකිය.

එහි දී තනි තනිව හෝ උපරිමය නවයක කණ්ඩායමක් ලෙස පැමිණ විනාඩි විස්සක කාලයකින් යුත් සිනමා අත්දැකීම් දෙකක් රස විඳිය හැකිය.

ළමා, තරුණ, වැඩිහිටි යන ඕනෑම අයකුගේ සිත් ඇඳ බැඳ ගන්නා සිනමා පට රැසක් මෙහි දී ප්‍රදර්ශනය කරයි. රෝලර් කෝස්ටර් අත්දැකීම සහිත සිනමා පටයේ දී සැබෑ රෝලර් කෝස්ටරයක යන විට දී දැනෙන හැඟීමට අතිශය සමාන අත්දැකීමක් ලබන්නට අවස්ථාව ලැබේ. ඒ එක් එක් දර්ශනවලට අනුකූලව චලනය වන අසුන් මෙන්ම ඒ එක් දර්ශනවල දී දක්නට ලැබෙන දැනීම් සිනමා ශාලාව තුළදීම සමීප වීම මෙහි ඇති සුවිශේෂත්වයයි. ආලෝකය, ජලය, සුළඟ, ගින්දර මෙන්ම ජල බුබුලවල පහස සහ දැනීම සැබැවින්ම අත්විඳිමින් නරඹන්නන්ට සිනමා පටයේ දර්ශනවලට සමීප වී ත්‍රාසය, කුතුහලය, භීතිය මෙන්ම සිනහව උපරිමයෙන් අත්විඳිය හැකිය.

මෙය නැරඹීමකට එහා ගිය සැබෑ අත්දැකීමක් වෙත සමීපවීමක් වන නිසා සිනමාපටය නරඹන අතර තුර ඔබ එහි නරඹන්නකු ලෙස නොව සිනමාපටය තුළ චරිතයක් යන හැඟීම සැබැවින්ම දැනෙනු ඇත. සතියේ සෑම දිනකම උදෑසන 10 සිට රාත්‍රී 10 දක්වා 7Dසිනමා ශාලාව (0773812817 )විවෘතව පවතී.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...