යුනිලීවර් ජනතා සම්මාන රැසකින් පිදුම් ලබයි

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මෙරට ව්‍යාපාරකරණයට පිවිස වසර 100කට ආසන්න කාලසීමාවක් ගතවී ඇති අතර පාරිභෝගික හදවත්වල සිය සන්නාමය කෙරෙහි උපරිම විශ්වාසයක් සනිටුහන් කිරීමට සමත්ව සිටී. පසුගියදා පැවැති ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී පාරිභෝගික භාණ්ඩ (FMCG) අංශයේ වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියන්නට යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම සමත්වීම ඊට හොඳම නිදසුනකි.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සන්ලයිට්, විම්, ලයිෆ්බෝයි, සිග්නල් සහ ලා ඕජී සන්නාමයන් මෙවර ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ වැදගත් සම්මානයන් රැුසක් හිමිකර ගැනීමට සමත් විය. ‘යහපත් දේ සිදුකරමින් යහපත් ප්‍රතිඵල අත්කර ගැනීම’ යන දැක්ම පෙරදැරිව කටයුතු කරන යුනිලීවර් ශ්‍රී ලංකා සමාගම මෙම ජයග්‍රහණයෙන් සිය අගය ඉහළ නංවා ගනිමින් පාරිභෝගිකයා වෙත තවත් සමීපවී සිටී.

මෙම සම්මාන රාත්‍රියේ දී ‘වසරේ ගෘහාරක්ෂණ සන්නාමය (Household care brand of the yearලෙස යුනිලීවර් සමාගමේ සන්ලයිට් සන්නාමය පිදුම් ලැබීය. ඒ අතරම ‘වසරේ තාරුණ්‍යයේ FMCG සන්නාමය (Household care brand of the year ලෙස ලයිෆ්බෝයි සන්නාමයද, සිග්නල් - ‘වසරේ විශිෂ්ටතම පුද්ගලාරක්ෂණ සන්නාමය’ද, සැබෑ ශ්‍රී ලාංකේය තේ රසයෙන් පිරිපුන් ලා ඕජී - වසරේ පානීය සන්නාමයද, ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසනීය මුළුතැන්ගෙයි සේදීමේ විසඳුම වන විම් - ‘වසරේ FMCG සන්නාමය’ ලෙසද සම්මානයෙන් පිදුම් ලැබීය.

යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපති - කාල් කෲස් මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දැක්වූයේ මෙසේයි. ”නැවත වරක් ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී ඇගයීමට ලක්වීම ගැන අපි ඉතාමත් ආඩම්බර වෙනවා. වෙනත් සම්මාන උළෙලවල්වලට වඩා මෙය විශේෂිත වන්නේ සෘජු ජනතා කැමැත්ත අනුව සම්මාන පිරිනැමීමම නිසයි. වර්ෂ ගණනාවක් තිස්සේ පාරිභෝගිකයින් අපගේ සන්නාමයන් කෙරෙහි දක්වන ආදරය සහ විශ්වාසය මෙම සම්මාන හරහා පැහැදිලි වෙනවා. ඔවුන්ගේ දෛනික ජීවිතවල කොටස්කරුවන් වන්නට අපගේ සන්නාමයන්ට හැකියාව ලැබී තිබීම ගැන අපට ආඩම්බරයි.”


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...