අවුරුදු බෝනස් දෙන Huawei | දිනමිණ

අවුරුදු බෝනස් දෙන Huawei

ශ්‍රී ලංකාවේ අංක එක දක්වා ව්‍යාප්ත වෙමින් පවතින ස්මාර්ට්ෆෝනය වන Huawei සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් “අවුරුදු බෝනස්“ නමින් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි.

මේ යටතේ සිය පාරිභෝගිකයින් වෙත රුපියල් මිලියන 1.5 ක් වටිනා තෑගි වවුචර පිරිනැමීමට Huawei අපේක්ෂා කරයි. මාර්තු 24 සිට අප්‍රේල් 30 දක්වා Huawei GR 5 සහ Huawei P9 lite ස්මාර්ට්ෆෝනයක් මිලදී ගන්නා සෑම පාරිභෝගිකයෙකුම මෙම තරඟය සඳහා සුදුසුකම් ලබයි. Huawei “අවුරුදු බෝනස් “ තරඟය යටතේ ප්‍රථම ත්‍යාග්‍යය ලෙස රුපියල් 100,000 ක මුදලක් පිරිනැමෙන අතර රුපියල් 2000 බැගින් වූ තෑගි වවුචර 600ක් වාසනාවන්ත පාරිභෝගිකයින් වෙත පිරිනැමීමට කටයුතු යොදා තිබේ.

මෙම තරඟයට ඇතුළත් වීම සඳහා තමන් මිලදී ගන්නා Huawei GR 5 සහ Huawei P9 lite ස්මාර්ට්ෆෝනයක IMEI අංකය සහ වගකීම් සහතිකයේ ඡායාරූපයක් ෆේස්බුක්, Whatsapp හෝ Viber ඔස්සේ 0772 999 001 දුරකථනයට යොමු කළ යුතුය.එසේ නැතිනම් ඒ සඳහාම වෙන්වු වෙබ් අඩවිය වන www.huaweibonus.com වෙබ් අඩවිය වෙත යොමු කළ හැකිය. මෙම නව අවුරුදු දීමනාව පිළිබඳව අදහස් දක්වමින් Huawei ස්මාර්ටෆෝන් ශ්‍ර ීලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකික පාරිභෝගික සැමට උදාවන අළුත් අවුරුද්දට සුභ පැතීමක් ලෙස මෙම ත්‍යාගය ලබාදෙන බවයි.

දේශිය වෙළඳ පළේ තත්වයෙන් උසස් , නවීන, ස්මාර්ට්ෆෝනයක් හොඳම මිළක් සහ වසර දෙකක වගකීමක් යටතේ මිළදී ගත හැකිනම් ඒ Huawei ස්මාර්ට්ෆෝනයක් පමණක් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...