බ්‍රිතාන්‍ය රජ කුමරුන් අද යුද සැමරුමක | දිනමිණ

බ්‍රිතාන්‍ය රජ කුමරුන් අද යුද සැමරුමක

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි විලියම් කුමරු සහ හැරී කුමරු ඇතුලූ 25,000 ක් පමණ පිරිසක් අද උතුරුදිග ප්‍රංශයේ ඇරස් නගරයට එක්වන්නේ පළමුවන ලෝක යුද්ධයේ සමරුවකටයි.

ලෝක යුද්ධයේ ගමන් මග වෙනස් කළ සුප්‍රකට විමි කඳු ගැටයේ සිව් දින සටන 1917 වසරේ සිදුවූයේ මෙහිදියි.

ජර්මනිය විසින් උතුරුදිග ප්‍රංශයේ මෙම කොටස අත්පත් කරගෙන සිටි අතර ඔවුන්ගෙන් එය මුදාගැනීම සඳහා බ්‍රිතාන්‍ය ප්‍රමුඛ සන්ධාන හමුදා දැවැන්ත මෙහෙයුමක් දියත් කලේය.

මෙහෙයුමේදී ස්කොට්ලන්ත භටයන් 18 000 ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

1917 වසරේ අප්‍රේල් 09 වනදා දියත් කෙරුණු එම විජයග්‍රාහී සටන සිහිපත් කිරීම සඳහා රජ කුමරුන් සමග බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ශ්‍රීමත් මයිකල් ෆැලන්ද අද ප්‍රංශයට පැමිණෙනු ඇති.

නව අදහස දක්වන්න