කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය | දිනමිණ

කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධිය

ගල්කිස්සේ ඇප නියෝගය මහාධිකරණය අත්හිටුවයි

ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් තුවාල සිදු කර මිනී මැරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැරුණු යුද හමුදා බුද්ධි අංශයේ සේවයේ නියුතුව සිටි සැකකරුවන්ට ඇප ලබා දෙමින් ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නිකුත් කර තිබු නියෝගය කොළඹ මහාධිකරණ ප්‍රධාන විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා විසින් ඊයේ (07) අත්හිටුවනු ලැබීය.

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු 30 දා සැකකරුවන්ට ඇප ලබා දෙමින් දුන් නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට ප්‍රතිශෝධන අයැදුම්පතක් ඉදිරිපත් කර තිබිණි.

අයදුම්පත සලකා බැලු මහාධිකරණ විනිසුරු වෛද්‍යතිලක මහතා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා දුන් ඇප නියෝගය අත්හිටුවමින් එම නියෝගයේ පිටපතක් මහේස්ත්‍රාත් අධිකරණයට වහාම යවන ලෙස මහාධිකරණ ලේඛකාධිවරයාට නියම කළේය. දිසානායක මුදියන්සේලාගේ බුලත්වත්ත, හේමචන්ද්‍ර පෙරේරා, ප්‍රභාත් දුමින්ද වීරරත්න, ලසන්ත විමලවීර, ගිහින්ත ජයතිලක සහ නිශාන්ත කුමාර සැකකරුවෝ වෙති. ඔවුන්ට මැයි 9 වැනිදා මහාධිකරණයේ පෙනී සිටීමට නොතීසි නිකුත් කෙරිණි. 

නව අදහස දක්වන්න