තාක්ෂණික ගිවිසුමේ අවසන් වැඩට අගමැති මෝදි හමුවෙයි

ශිරෝමි අබයසිංහ

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර එළැඹීමට නියමිත තාක්ෂණික ගිවිසුමේ අවසන් කටයුතු සකස් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ 25වැනි දින ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිතය.

ඊට පෙර ජපානයේ සහ වියට්නාමයේ නිල සංචාරවලට එක්වන අගමැති වික්‍රමසිංහ මහතා ඉන්දියාව සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු එරට මැති ඇමතිවරුන් හමුවී ගිවිසුමට අදාළ සියලු කටයුතු අවසන් කිරීමට නියමිතය. අගමැති වික්‍රමසිංහ මහතා ඉන්දියානු සංචාරය නිම වී ආපසු පැමිණීමෙන් පසු ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා මෙරටට පැමිණීමට නියමිතය. 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.

Or log in with...