පාතාල මදූෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට | දිනමිණ

පාතාල මදූෂ්ගේ ප්‍රධාන ගෝලයෙක් අත්අඩංගුවට

කළුතර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා රැඳවූවන් පිරිසක් ඝාතනය කිරීමට වෑන් රථයට මඟ පෙන්වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බලපිටිය අධිකරණය අසලදීය.

මඟ පෙන්වීම සඳහා අදාළ සැකකරු යොදා ගත් යතුරුපැදිය ද පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරු පන්නිපිටිය, පැලැන්වත්ත සහ හික්කඩුව, කලුපේ යන ප්‍රදේශවල පදිංචිකරුවෙකු වන 29 හැවිරිදි අයෙකු බව පොලීසිය පැවසුවේය.

බරපතළ අපරාධ සිද්ධීන් රැසකට සම්බන්ධ මදුෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු ලෙස සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී හඳුනාගෙන තිබේ.

නව අදහස දක්වන්න