රතුපස්වල සිද්ධිය - හමුදාවේ තිදෙනා යළි රිමාන්ඩ් | දිනමිණ

රතුපස්වල සිද්ධිය - හමුදාවේ තිදෙනා යළි රිමාන්ඩ්

ගම්පහ - වැලිවේරිය රතුපස්වල උද්ඝෝෂණයේදී තිදෙනෙකු ඝාතනය කිරීමේ හා තවත් පිරිසකට තුවාල සිදුවීමේ සිද්ධියේ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සෙබලුන් තිදෙනා මේ මස 17 වන දා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන්පතිරණගේ නියෝගයකට අනුවයි.

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුව අධිකරනය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළ ගිනි අවි 40 පිළිබඳ රස පරීක්ෂක වාර්තාව තවම ලැබී නොමැති බවයි.

පරීක්ෂණ අවසන් කර අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා බව ද එහි දී සදහන් කෙරිණ.

නව අදහස දක්වන්න