දුමින්ද සිල්වා නඩුවකට වරද පිළිගනී | දිනමිණ

දුමින්ද සිල්වා නඩුවකට වරද පිළිගනී

මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණි අතර එහිදී වත්කම් බැරකම් හෙළි නොකිරීමේ නඩුවක් සම්බන්ධයෙන් ඔහු වරද පිළිගනු ලැබීය.

මෙම නඩු ගොණු කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව මගින් වන අතර ඒ 2011, 2013 සහ 2014 වසරවලදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී වත්කම් බැරකම් ප්‍රකාශ හෙළි නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

මෙසේ වරද පිළිගත් දුමින්ද සිල්වාට රුපියල් තුන්දහසක දඩයක් නියම වූ අතර ඔහු මෙම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් නඩුවට මසක සිරදඬුවමක් නියම කිරීමටත් නියෝග විය.

 

නව අදහස දක්වන්න