සීමා නිර්ණයේ දෙමළ පිටපත් නොලැබීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක්

සීමා නිර්ණ සමාලෝචන කමිටුවේ ගැසට් නිවේදනයේ සිංහල සහ ඉංග්‍රීසි පිටපත් පමණක් මැතිවරණ කොමිෂම වෙත ලැබී ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි.

ඔහු පැවසුවේ මෙතෙක් එහි දෙමළ පිටපත් ලැබී නැති බවයි.

කොමිෂමේ සභාපතිවරයා මේ බව සදහන් කලේ ගාල්ලේ පැවති උත්සවයක් අමතමින්.

පළාත් පාලන ඡන්දය කල් දැමීමට හේතු කවරේදැයි මාධ්‍යව්දීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය -

අපි ඕනෑම වෙලාවක පළාත් පාලන චන්දය තැබීමට සුදානම් නමුත් මුලික ප්‍රශ්නය වෙලා තියෙන්නෙ.

අපිට පළාත් පාලන අමාත්‍යාංශයෙන් ගැසට් නිවේදනය කොට්ඨාශවල සීමා මොනවා ද කියන එක අපට අවශ්‍යයි.

ඒ ඒ සභාවල සභික සංඛ්‍යාව කාන්තා නියා්ජනය සම්බන්ධ ගැසට් නිවේදනය අවශ්‍යයි.

පනතේ තිබෙන සංසෝදන අවශ්‍යයි මම දන්න විදියට පනතේ සංසෝදන තවම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලත් නැහැ අන්තර් ජාලයට ගැසට් නිවේදනය දැමීම ප්‍රමාණවත් ද කියල මම දන්නේ නැහැ.

අපිට ඇවිත් තියෙන්නේ පනතේ සිංහල - ඉංග්‍රීසි පිටපත් පමණයි.

චන්දය ප්‍රමාද වෙනවානම් එය උතුරේ ද දකුණේ ද කියා ප්‍රශ්නයක් නැහැ.

ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් යයි ද දේශප්‍රිය වැඩි දුරටත් පැවසීය.

(දික්වැල්ලේ තිලකරත්න - ගාල්ල උතුර සමූහ)


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...