ශ්‍රීලනිපයේ ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වුණත් ඒකාබද්ධය එක්වන්නේ නෑ

ආණ්ඩුව සමඟ එක්ව කටයුතු කරන ශ්‍රි ලනිප මැති ඇමතිවරු ආණ්ඩුවෙන් වෙන්වුවද ඔවුන් සමඟ එක්ව යළි කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැතැයි මහනුවර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පවසයි.

ආණ්ඩුවෙන් වෙන් වුවහොත් ඔවුන් සමඟ කටයුතු කිරීමට ඒකාබද්ධ විපක්ෂය සූදානම් බවට අවස්ථා කිහිපයක දී ඔවුන්ට ප්‍රකාශ කළ බවත් එය තව දුරටත් වලංගු ‍නොවන බවත් ඒ මහතා කීය. මහනුවර නුගවෙල පැවැති රැස්වීමක දී මන්ත්‍රීවරයා මේ බැව් පැවසීය. මෙවරද මැයි රැලිය ඒකාබද්ධ විපක්ෂය වෙනමම පවත්වන බවද ශ්‍රි ලනිප මැයි රැලියට එහි කිසිවකුත් සහභාගි නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය.

පක්ෂය පවත්වන ඕනෑම විනය පරීක්ෂණයකට මුහුණ දීමට සූදානම් යැයි ද තමන් නියෝජනය කරන කණ්ඩායම සිටිනුයේ ජන මතය සමග යැයි ද හෙතෙම කීය.

ඕනෑම පරීක්ෂණයක් පැවැත්වුවට කමක් නැතැයි ද එයට පෙර ආණ්ඩුවේ සිටින ශ්‍රි.ල.නි.ප. පිරිස්ට පරීක්ෂණ පැවැත්විය යුතු යැයිද දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය

ඉන්දික පොල්කොටුව 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...