අදිතිගේ සිනමා වසන්තය

මලයාලම් චිත්‍රපටයකින් සිනමාවට පිවිසි අදිති රාඕ හිදාරි ජනප්‍රිය වුණේ බොලිවුඩයෙන්. Delhi 6, Yeh Saali Zindagi, Murder 3, Fitoor වැනි නිර්මාණවලට ඇය දායක වුණා. පසුගිය කාලයේ ඇයගේ සිනමා ජීවිතයට වසන්ත කාලය ඇවිත් බව දැන ගන්නට ලැබුණා. ඒ සුප්‍රකට ඉන්දීය සිනමාකරු මනිරත්නම්ගේ චිත්‍රපටයකට දායක වෙන්න ලැබීම නිසා. Kaatru Veliyidai නම් වන එහි ඇය කාර්ති සමඟින් ප්‍රධාන කාන්තා චරිතයට පණ පොවනවා.

Kaatru Veliyidai ලබන අප්‍රේල් මාසයේ 07 වැනිදා තිරගත වෙන්න නියමිතයි. Kaatru Veliyidai චිත්‍රපටයේ රංගනයට අවස්ථාව ලැබීම ගැන අදිති ඉන්නේ හරිම සතුටින්. ඇය පවසන්නේ මේ අවස්ථාව තම සිනමා ජීවිතයේ ප්‍රබෝධමත්ම අවස්ථාව බවයි. "ඇත්තටම එය විටමින් රැසක් ගත්තා වගේ" අදිති පවසනවා.

"මනිරත්නම් සර්ගේ චිත්‍රපටයකට දායක වෙන එක මගේ ජීවිතයේ හීනයක් වෙලා තිබුණේ. මං දුටු ඒ හීනය දැන් සැබෑ වෙලා" ඇය පවසන්නේ දැඩි සතුටකින්. 2006 වසරේ සිනමාවට පිවිසි අදිති මීට පෙර එක් දමළ චිත්‍රපටයකට දායක වී තිබුණා.

Kaatru Veliyidai චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ ඒ. ආර් රහ්මාන් විසින්. රහ්මාන්ගේ සිනමා ආගමනය සිදු වුණෙත් මනිරත්නම් ගේ අධණච චිත්‍රපටයෙන්. ඔහුද මේ ප්‍රවීණ සිනමාකරුවා තම සිනමා දිවියට ආලෝකයක් වූ බව පවසනවා.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...