සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කර බලය ගන්න හදනවා | දිනමිණ

සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කර බලය ගන්න හදනවා

රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා මාධ්‍යයට අදහස් දක්වමින්

අද විපක්ෂයට මේ රටේ ප්‍රශ්න විසදන්න උවමනාවක් නැහැ. අවශ්‍යෙවලා තියෙන්නේ නැවැත බලය ලබා ගන්න පමණක් යැයි කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

ඒ අයගේ දුෂණ අක්‍රමිකතා වහගන්න, කෙසේ හෝ ජනතාව අවුස්සලා රටේ සංවර්ධන වැඩපිළිවෙළ කඩාකප්පල් කරනවා . බලය ගන්න එක ජනතාව තිරණය කරයි . වසර 5ක් ගියාම ජනතාව තින්දු කරයි කරන්න අවශ්‍ය දේ කුමක්ද කියලා යැයි ඒ මහතා කිය. එය ජනතාවම බාර

අමාත්‍ය වසන්ත අලුවිහාර මහතා එසේ පැවසුවේ මාතලේ දිස්ත්‍රික්කයේ හා මාතලේ ආසනයේ සංවර්ධන යෝජනාවලි පිළිබඳ මාධ්‍යයට කරුණු දැක්වීමට මාතලේ තනායමේ පැවැති සුහද හමුවක දීය .

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කලේය. රටේ සංවර්ධනය කඩාකප්පල් කරන්න බොහෝ අය මාන බලනවා. විමල් විරවංශ ඇමැති කාලේ මාතලේ දිස්ත්‍රික්කයේ කිසිදු ගෙයක් හදන්න ජාතික නිවාස අධිකාරිය එක්ක එකතුවෙලා නෑ. හිටපු ජනාධිපති තුමා වුණත් කල්පනා කරලා බලන්න වසර 10 හිටියා එතුමාට ප්‍රශ්න ඇතිවුණේ නෑ. උද්ගෝෂණ 1-2 ක් තියෙන්න ඇති . ඒ අයට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තිබුණේ නැහැ. අද නිදහස තියෙනවා උද්ඝෝෂණ කරනවා . උද්ඝෝෂණ රැල්ලක් තියෙනවා.

අපට මේ රටට ආයෝජකයෝ ගේන්න වැඩපිළිවෙළක් හදන්න අවශ්‍යයි. බංකොලොත් පිරිස් පාර් ලිමේන්තුව ගෙනියන්න දෙන්නේ නැහැ. නමුත් ආයේ එවැනි බලයක් එන්නේ නෑ.

ජාතික ආණ්ඩුව ඉදිරියට යනවා . අපට ප්‍රශ්න විසඳන්න පුළුවන්කම තියෙනවා . වසර 5ක් යනකොට ජනතාව තිරණය කරයි කරන්න අවශ්‍යදේ කුමක්ද කියලා .

මාතලේ ආසනයේ හෙක්ටයාර් 13300ක් වන අතර එහි ජනග්‍රහනය එක් ලක්ෂ දසදහසක් ඉන්නවා. මේ සියලු දෙනාටම අවශ්‍ය අධ්‍යපනය, ජලය, විදුලිය, මහමාර්ග ඇතුළු පහසුකම්

ලබා දෙනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සුළු වාරිමාර්ග සංවර්ධනයට රුපියල් ලක්ෂ 2730ක් වෙන්කර තියෙනවා. මේ ඉතිහාසයේ මුල්ම වතාවටයි. එයින් මාර්ග 51ක් සහ කිලෝමිටර් 190ක් සංවර්ධනය වෙනවා. මේ අනුව මාතලේ ආසනයට ලක්ෂ 20,000ක් යොදවනවා. මෙය දැවැන්තම සංවර් ධනයක් .

මාතලේ හා යටවත්ත ප්‍රාෙද්ශීය ලේකම් කොට්ටාස සංවර් ධනයට ලක්ෂ 106කින් විමධ්‍ය ගත මුදලින් පාරවල්, ජල විදුලිය, ක්‍රිඩා සමාජ සුබසාධනය, අධ්‍යපනය, සංස්කෘතික අංශයට මුදල් වෙන්කරා.

ග්‍රාමිය වතු යටිතල පහසුකම් නංවන්නත් කටයුතු කරනවා.

කෘෂිකාර්මික ව්‍යපෘති රැසක් ද ආරම්භ කළා. පලතුරු ගම්මාන වශයෙන් දෙළුම්, කටු අනෝදා, මැංගුස්, ආදි දේශී පලතුරු ව්‍යපෘති රැසක් ඇරඹුවා.

රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාර මහතා මාධ්‍ය හමුව අමතමින්.

ඝන අපද්‍රව්‍ය කළමනාකරණය, ඌණ සංවර්ධිත ගම්මාන, පළාත් පාලන සංවර්ධනය, ප්‍රජා ජල ව්‍යපෘති, සෞඛ්‍යය හා ආගමික සංස්කෘතික වර්ධනය ආදියටද මුල් තැනක් දෙනවා.

2017 වසර සඳහා ප්‍රධාන බස් නැවතුම, දුම්රිය ස්ථානය සංවර්ධනය , මාතලේ ධර්මපාල මාවත සංවර්ධනය කිරීමට ඇස්තමේන්තු මුදල ලක්ෂ 2000කි.

නගර සැලැස්ම, මාතලේ එඩ්වඩ් ක්‍රිඩාංගණය ජාත්‍යන්තර තලයට පත් කිරීමට ලක්ෂ 3000කි, කෘතිම හොකි ක්‍රිඩාංගණයට ලක්ෂ 2270, ආදි වශයෙන් සංවර්ධන යෝජනා රැසක් මෙම කාල සිමාව ඇතුළත ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත .

උතුවෙල සංචාරක
ප්‍රියන්ත සුමනසේන්

නව අදහස දක්වන්න