මාතලේ-දඹුල්ල-මහනුවර ඉන්ෆ්ලුවෙන්සා පැතිරයෑම ශීඝ්‍රයෙන් ඉහළට | දිනමිණ

මාතලේ-දඹුල්ල-මහනුවර ඉන්ෆ්ලුවෙන්සා පැතිරයෑම ශීඝ්‍රයෙන් ඉහළට

මාතලේ, දඹුල්ල, මහනුවර ආශ්‍රිත ප්‍රදේශවල මේ දිනවල ඉන්ෆුවෙන්සා (H1,N1) රෝගය පැතිරයාම ශීඝ්‍ර ලෙස ඉහළ යන බවත්, රෝහල්වල අවශ්‍ය පහසුකම් හා උපකරණ නොමැතිවීම රෝගය ව්‍යාප්තවීමට හේතුවක් බවත් සමස්ත ලංකා හෙද සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

මාර්තු මාසයේ දී මාතලේ රෝහලෙන් පමණක් ඉන්ෆුවෙන්සා රෝගීන් 60ක් හඳුනාගෙන ඇත. ඒ අතුරෙන් 05 දෙනකු මිය ගොස් තිබේ. එම මරණ අතර මාතෘ මරණයක් සිදුවීම ද විශේෂත්වයකි. රෝහල් කාර්ය මණ්ඩලයේ හෙද නිලධාරී කිහිප දෙනකුට ද මේ රෝගය වැළැඳී ඇත. එසේම දැනට එම රෝහල්වල අවශ්‍ය පහසුකම් හා උපකරණ නොමැතිවීම රෝගය ව්‍යාප්ත වීමට හේතු වී තිබේ. වෙන් කර ප්‍රතිකාර කරන වාට්ටු නොමැත. එසේම මුඛ ආවරණ ප්‍රමාණවත්ව සපයා නොමැත. මීට අමතරව කාර්ය මණ්ඩලයේ මේ රෝගයට ගොදුරුවූවන්ට අනතුරු නිවාඩු ලබා නොදෙයි. එසේම එම වාට්ටුවල කාර්ය මණ්ඩලයට අනතුරු දීමනාව ගෙවන්නේ ද නැත. මේ ආකාරයට රෝගය පැතිරීම සිදු වුවහොත් දින කිහිපයක් ගත වන විට බරපතළ වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙන බව පෙන්වා දෙමු. 

නව අදහස දක්වන්න