රේණුකාගේ පුරප්පාඩුවට අශෝක හේරත් | දිනමිණ

රේණුකාගේ පුරප්පාඩුවට අශෝක හේරත්

මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායිකා රේණුකා හේරත් මහත්මියගේ අභාවයෙන් පුරප්පාඩුවූ මන්ත්‍රී ධූරය සඳහා කොත්මලේ එජා‍ප සංවිධායක අශෝක හේරත් මහතා පත්වීමට නියමිතය.

නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පසුගිය මධ්‍යම පළාත් සභා මැතිවරණයට එජපය යටතේ ඉදිරිපත්වූ අශෝක හේරත් මහතතාට පළාත් සභාවට තේරීපත් වීමට නොහැකි විය.රේණුකා හේරත් මහත්මියගේ අභාවයෙන් හිස්වූ මන්ත්‍රී ධූරය මනාප ලැයිස්තුවේ අනුපිළිවෙළ අනුව අශොක හේරත් මහතට හිමිවන අතර ඒ මහතා අද (30) මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය ඉදිරියේ දිව්රුම් දීමට නියමිතය.

එජාප සාමාජිකත්වය 1989 වසරේදී ලබාගත් හේරත් මහතා කොත්මලේ ප්‍රාදේශීය සභාවට 1997 දී තරඟ කර ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසින් පත්වූ අතර 2002 වසරේදී ඔහු එම ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයට පත්විය. වසර 2006 ප්‍රාදේශීය සභා මැතවරණය ජයගෙන කොත්මලේ ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායක ධූරයට පත් හෙතෙම 2007 වසරේදී කොත්මලේ එජාප ප්‍රධාන සංවිධායක බවට පත්විය.

වසර 2012 දී නුවරඑළිය දිස්ත්‍රික් සංවිධාක ධූරයට පක්ෂය විසින් පත්කළ අශෝක හේරත් මහතා වසර 2013 මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී එජාප ලැයිස්තුවේ මානාප අනුව හයවැනියා විය.

වසර 2014 දී කොත්මලේ ආසන සංවිධායක ලෙස යළි පත්වූ අශෝක හේරත් මහතා වසර 25 ක් අඛන්ඩව එජාප දේශපාලනයේ නිරත ක්‍රියාකාරිකයෙකි.

අසේල කුරුළුවංශ හා හසජ සමරනායක

නව අදහස දක්වන්න