කොස් දැව ප්‍රවාහනය කළ රියැදුරු සහ ලොරිය අත්අඩංගුවට | දිනමිණ

කොස් දැව ප්‍රවාහනය කළ රියැදුරු සහ ලොරිය අත්අඩංගුවට

කොටදෙනියාව සමූහ එම්.පී. කුමාර

අන්නාසි පැළ පටවාගෙන එන මුවාවෙන් බලපත්‍ර නොමැතිව රුපියල් ලක්ෂ ගණනක් වටිනා කොස් දැව කඳන් තොගයක් සගවාගෙන එමින් සිටි ලොරියක් එහි රියැදුරා සමඟ අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.

අලව්ව ප්‍රදේශයේ සිට මීරිගම දැව මෝලක් කරා ගෙන යමින් තිබූ මේ දැව තොගය අත්අඩංගුවට ගනු ලැබුයේ අඹේපුස්ස දුමිරිය ස්ථානය සමීපයේදීය.

පොලිස් මුර සංචාරයේ යෙදුණු උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ මහතා ඇතුලූ නිලධාරීන් පිරිසක් මේ ලොරිය පරීක්ෂාවට ලක් කිරීමේ දී අන්නාසි පැළ තොගයට යටින් කොස් දැව කඳන් පටවා තිබෙනු දැක ඇත.

කොස් දැව තොගය හා ඒවා රැගෙන ආ ලොරිය රියැදුරා සමඟ අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරයි. මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත අමරතුංග මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක එදිරිසිංහ පොලිස් සැරයන්වරුන් වන 29522 මංජුල, 30497 ආනන්ද, පොලිස් කොස්තාපල්වරුන් වන 41346 සම්පත් සහ 59856 සිසිර යන නිලධාරීහු මේ වැටලීමට එක්වූහ.

නව අදහස දක්වන්න