කොටුව දුම්රිය පොළේ බෝම්බ ප්‍රහාරයට වසර 20ක් හිරේට | දිනමිණ

කොටුව දුම්රිය පොළේ බෝම්බ ප්‍රහාරයට වසර 20ක් හිරේට

කුමුදු හෙට්ටිආරච්චි
බෝම්බය පිපිරුණු දා

ෙකාටුව දුම්රිය ස්ථානයේදී මරාගෙන මැරෙන බෝම්බකාරියක යොදාගෙන බෝම්බයක් පුපුරවා හැරීමෙන් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ බේස්බෝල් කණ්ඩායමේ සිසුන් 08ක් එහි පුහුණුකරු හා 16 දෙනකු බිලිගෙන තවත් 92 දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමට ආධාර අනුබල දුන් බවට වරදකරු වූ එල්. ටී. ටී. ඊ. සාමාජිකයකුට කොළඹ විශේෂ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඊයේ (29) බරපතළ වැඩ සහිත විසි වසරක සිර දඬුවමක් නියම කළේය.

2008.02.03 දින සිදුවූ මෙම සිද්ධියෙන් පසු අත්අඩංගුවට පත් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ කනගසබේ දේවදාසන් හෙවත් නාදන් නමැති විත්තිකරු 2012 වසරේ සිට රක්ෂිත බන්ධනාගාරයේ පසුවීය යන කරුණ සලකා බලා ඔහුට විසි වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කෙරුණි.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා නගා ඇති චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකර ඇති බවට විනිසුරුවරයා තීරණය කළේය.

2008.02.03 හෝ ඊට ආසන්න දිනකදී කොළඹ කොටුවේදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ කොටුව දුම්රිය ස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පොදු දේපළවලට හා ජීවිතවලට හානි කිරීමට අනුබල දීම යන චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව අධි චෝදනා නගා තිබුණි.

සිද්ධියෙන් පසු සිදුකළ විමර්ශනවලදී ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. 

නව අදහස දක්වන්න