තරගය ජය පරාජයෙන් තොරව අවසන් - update | දිනමිණ

තරගය ජය පරාජයෙන් තොරව අවසන් - update

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර දෙවන එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දමා තිබේ.

දඹුල්ලට පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් බංග්ලාදේශ පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට ද හැකියාවක් ලැබුනේ නැහැ.

ක්‍රිකට් පුවත් සේවාවල දැක්වෙන්නේ 2013 වසරේ මාර්තු මස 28 වනදා ද බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ පැවති තරගයකට ද මෙලෙස වර්ෂාවෙන් බාධා එල්ලවු බවයි.

එම තරගයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව බංග්ලාදේශයට කඩුළු 03ක ජයක් හිමිව තිබුණි.

අද තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 05 ක් අවසානයේ සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුයේ ලකුණු 311 ක් පමණයි.

තම 200 වන එක්දින තරගයට ක්‍රීඩා කළ උපුල් තරංග ලකුණු 65 ක් ලබාගත්තේ 31 වන අර්ධ ශතකය ද වාර්තා කරමින්.

කුසල් මෙන්ඩිස් සිය පළමු එක්දින ශතකය ලබාගත් අතර දැවී යන විට ඔහු ලකුණු 102 ක් ලබා සිටියි.

අසේල ගුණරත්න පන්දු 28 කින් වේගවත් ලකුණු 39 ක් ලබාගත්තේ හතරේ පහර 4 ක් සහ එක් හයේ පහරක් ද සමගින්.

මිලින්ද සිරිවර්ධන 30 යි.

පන්දු යැවීමේදී තක්ෂින් අහමඩ් කඩුලු 4 ක් බිඳහෙලීය.

ඔහු කඩුලු ත්‍රිත්වයක් ද ලබාගත්තේ 49 පන්දු වාරයේදී අසේල ගුණරත්න / නුවන් ප්‍රදීප් සහ සුරංග ලක්මාල් පිටියෙන් ඉවත් කරමින්.

ඔහු එක්දින තරගවලදී කඩුලු ත්‍රිත්වයක් ලබාගත් 03 වන බංග්ලාදේශ ක්‍රීඩකයා ලෙසට ද වාර්තා අතරට එක්වනු ඇති.

තරංග සහ කුසල්ගෙන් ශතකයක සබඳතාවක් - update

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට පන්දුවාර 37 අවසානයේ කඩුලූ හතරක් දැවී ලකුණු 210 ලබා සිටියි.

උපුල් තරංග ලකුණු 65 කට දැවී ගිය අතර කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 100 යි. 

ඉන් අනතුරුව පිටියේ එක් වූ උපුල් තරංග  සහ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 111ක සබඳතාවක් ගොඩනැගීය.

 

නව අදහස දක්වන්න