සමයං ඝාතකයින්ට පොලිසියේ සම්බන්ධයක් ? | දිනමිණ

සමයං ඝාතකයින්ට පොලිසියේ සම්බන්ධයක් ?

සමයං ඝාතනයට යොදා ගත් බවට සැක කෙරෙන රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරු හිටපු පොලිස් නිලධාරියෙකුගේ සහෝදරයෙකු බව අනාවරණ වී තිබේ.

අදාළ පොලිස් නිලධාරියා මේ වන විට විදේශගතව සිටින අතර සැකකරුට මෙම රිවෝල්වරය ලැබුණේ කෙසේදැයි මෙතෙක් අනාවරණ වී නැහැ. 

පොලිස් මූලස්ථානය අනාවරණ කරගෙන ඇත්තේ අදාළ රිවෝල්වරය සමයං ඇතුළු හත් දෙනා ඝාතනය කිරීම සඳහා පැමිණි ඝාතකයින් පරිහරණය කර ඇති බවයි 

සැකකරු (51) හිඹුටාන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ‍ඔහු සතුව තිබී රිවෝල්වරයට අමතරව උණ්ඩ 07ක් ද සොයා ගැනිණ.

සැකකරු කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. 

පාතාල නායක සමයං ඇතුළු හත් දෙනෙකු බන්ධනගාර බස් රථයක් තුළ දී පෙබරවාරි මස 27 වනදා කළුතර ප‍්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරිණ.

එහිදී සමයං ඇතුළු පාතාල සාමාජිකයන් පස් දෙනෙකු සහ බන්ධනාගාර ජේලර්වරුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...