ත්‍රීමලේ-කින්නියා ඩෙංගු මඬින්න රජය සියලු පියවර ගත්තා | දිනමිණ

ත්‍රීමලේ-කින්නියා ඩෙංගු මඬින්න රජය සියලු පියවර ගත්තා

ත්‍රිකුණාමලය හා කින්නියා ප්‍රදේශවල පැතිර යන ඩෙංගු උණ රෝගි තත්ත්වය පාලනය කිරීමට රජය මඟින් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවසීය.

කොළඹ පො‍ළොන්නරුව, ඇතුළු රටේ බොහෝ ප්‍රදේශවලින් ත්‍රිකුණාමලය ප්‍රදේශයට රාජ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය නිලධාරීන් යොමුකර අවශ්‍ය සියලු කටයුතු සිදුකරන බවත් අගමැතිවරයා පැවසීය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ උද්ගත තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති ක්‍රියාමා‍ර්ග සම්බන්ධයෙන් දිනේෂ් ගුණවර්ධන මහතා 23/2 යටතේ මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.

නගර සැලසුම් හා ජලසම්පාදන ඇමති රාවුෆ් හකීම් මහතා අදහස් දක්වමින් කියා සිටියේ තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරන බවත්, දැනට රජයේ නිලධාරීන් අටදහසක් පමණ එම ප්‍රදේශයට යොමුකර තිබෙන බවත්ය. 

නව අදහස දක්වන්න