මිනුවන්ගොඩ යෞවන සමාජ සම්මේලනය සාර්ථකව නිමාවට | දිනමිණ

මිනුවන්ගොඩ යෞවන සමාජ සම්මේලනය සාර්ථකව නිමාවට

ජාතික තරුණ සේවා සභාවේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය යෞවන සමාජ සම්මේලනය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී උත්කර්ෂවත් අන්දමින් පසුගියදා පැවැත්විණි.

මේ යෞවන සමාජ සම්මේලනය මිනුවන්ගොඩ ජාතික තරුණ සේවා සභා නිලධාරී චතුර සංජීව මහතා විසින් කැඳවා තිබුණි.

මේ අවස්ථාවට ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මහතා මෙසේ පැවැසීය.

මේ රටේ අනාගතය බාරගැනීමට සිටින යෞවන යෞවනියන්ගේ අනාගත පෙළගැස්ම උදෙසා මේ ජාතික තරුණ සේවා සභාව එදා වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කළා.

එම තරුණ සේවා සභාව තුළින් මේ වන විට තරුණ තරුණියන්ගේ සහජ කුසලතා හැකියාවන් වැඩිදියුණු කර ගෙන යෞවන යෞවනියන්ට සැබෑ හෙටක් උදාකර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. යෞවන සමාජ සම්මේලනය වගේම යොවුන් පාර්ලිමේන්තුවත්, යෞවන යෞවනියන්ට ඉදිරි අනාගත නායකයන් වීමට පෙළගැස්මක් ලබා දෙනවා. අනාගතය බාරගැනීමට සිටින මේ පිරිස විනය හා ශික්ෂණය අතින් පරිපූර්ණ විය යුතුයි.

සටහන සහ ඡායාරූප උඩුගම්පොළ සමූහ 

නව අදහස දක්වන්න