ලොව ප්‍රථම මගී ඩ්‍රෝනය | දිනමිණ

ලොව ප්‍රථම මගී ඩ්‍රෝනය

ඩ්‍රෝන් එකක් කියන්නේ මොකක්ද කියල දැන් අමුතුවෙන් හඳුන්වා දෙන්න උවමනාවක් නැහැ. මොකද දැන් ලංකාවෙත් ඩ්‍රෝන් යානාවන් සෑහෙන්න ප්‍රසිද්ධ නිසා. ලෝකප්‍රසිද්ධ ඇමසන් වැනි සමාගම් තම භාණ්ඩ බෙදා හැරීම සඳහාත් දැන් ඩ්‍රෝන් යානාවන් යොදා ගන්නා බව සඳහන් වනවා. ඊට අමතරව දැන් බොහෝ රටවල් ඩ්‍රෝන් ලියාපදිංචි කිරීමට පටන් අරන්. ඒ රට රටවල්වල ආරක්ෂක හේතූන් සඳහායි. ඒ වගේම මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට හානි වන ලෙස යොදා ගන්නා ඩ්‍රෝන් යානාවන් බිම හෙළීමට “වී.එච්.එෆ් ජෑමින් යනුවෙන් හඳුන්වන උපකරණ පවා නිපදවා තිබෙනවා. නමුත් අද අප ඔබට ගෙන එන මේ පුවත තරමක් පුදුම සහගත එකක්. ඒ තමයි ලොව ප්‍රථම මගී ඩ්‍රෝන් යානාවේ හඳුන්වාදීම.

ඔවුන් මෙය නම්කර තිබෙන්නේ “EHANG 184 AAV” ලෙසයි. තවද මෙය පුර්ණ ස්වයංක්‍රීය යානාවක්. මෙය පැදවීමට නියමුවකු අවශ්‍ය වන්නේ නැ. මෙහි 184 යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ එක් මගියෙක්වයි. ඉතා කුඩා මෝටර් රථයක ප්‍රමාණයේ වන මෙය සම්පූර්ණයෙන්ම බැටරියකින් ක්‍රියාත්මකයි. එක් පූර්ණ අරෝපණයකින් පසු කිලෝ ග්‍රෑම් 115 කට අඩු බරින් යුතු මගියෙක් මිනිත්තු 23ක කාලයක් ගුවනේ තබා ගැනීමේ හැකියාවෙන් යුක්ත වනවා. එහි වේගය පැයට කිලෝමීටර 100ක් පමණ වනවා. මීටර 3,500ක් පමණ ඉහළ යාමටද සමත්.

 

නව අදහස දක්වන්න