Best Web.lk තරඟාවලියයේ වැඩිම සම්මාන ලේක් හවුසියට | දිනමිණ

Best Web.lk තරඟාවලියයේ වැඩිම සම්මාන ලේක් හවුසියට

lk domain  Registry ආයතනය මඟින් වාර්ෂිකව සංවිධානය කරන හොඳම ශ්‍රී ලාංකික වෙබ් අඩවිය තෝරාගැනීමේ තරඟාවලියෙන් (Best Web.lk) ජයග්‍රහන රැසක් ලබාගැනීමට ලේක් හවුස් අන්තර්ජාල ප්‍රකාශන සමත් වී තිබේ.

ඒ අනුව මෙම තරඟාවලියෙන් www.dinamina.lk වෙබ් අඩවිය සඳහා හොඳම සිංහල වෙබ් අඩවියට හිමි Merit සම්මානය හිමිව තිබේ.

එසේම www.dailynews.lk වෙබ් අඩවිය සඳහා Best Media, Sports and Entertainment Website - Merit Award සම්මානය හිමිව තිබේ.

අප ද්‍රවිඩ මාධ්‍ය අන්තර්ජාල ප්‍රකාශනය වන www.thinakaran.lk වෙබ් අඩවිය සඳහා Best Media, Sports and Entertainment Website -  Bronze Award සම්මානය සහ හොඳම ද්‍රවිඩ මාධ්‍ය වෙබ්අඩවියට හිමි Silver Award සම්මානය ද හිමිව තිබේ.

මෙවන් ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට නිබදවම සවියක් වූ ලේක් හවුස් පාඨක ජනතාව වෙත අප මෙසේ අප ගෞරවය පිරිනමන්නෙමු!!!!

ස්තුතියි ඔබට....

 

නව අදහස දක්වන්න