පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳුන් 19කට දඩ | දිනමිණ

පාරිභෝගික නීති උල්ලංඝනය කළ වෙළෙඳුන් 19කට දඩ

පාරිභෝගික නීති උල්ලංඝනය කළ බදුල්ල දිස්ත්‍රික්කයේ වෙළෙඳුන් 19 දෙනකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා රුපියල් 61,500.00 ක දඩ මුදලක් අයකර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන්සමත් වී තිබේ.

අත්‍යවශ්‍ය භාණ්ඩ හා සහල් වැඩි මිලට විකිණීම ඇතුළු විවධ වැරදි සම්බන්ධයෙන් ඉකුත් ජනවාරි මස 01 දා සිට පෙබරවාරි 22 දක්වා වූ කාලය තුළ එම අධිකාරිය මගින් වැටලීම් 80 ක් සිදුකර ඇති අතර පුද්ගලයන් 19 දෙනකුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ උපදෙස් අනුව බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඌව පළාත් සහකාර අධ්‍යක්ෂ කේ.පී.දයා සමරකෝන් යන මහත්වරුන්ගේ අනුමැතිය පරිදි එම අධිකාරියේ බදුල්ල දිස්ත්‍රික් ප්‍රධානී අමිල රත්නායක මහතාගේ මෙහෙයවීම යටතේ විමර්ශන නිලධාරින් වන ඒ.එම්.ඒ.බී.දිසානායක, ටී.එම්.ඩී.කේ.විජේසුන්දර, ආර්.එම්.එන්.එම්.ගුණරත්න, ටී.එම්.ඒ.රිස්ලි යන මහත්වරුන් අදාළ වැටලීම සිදු කළහ. 

බදුල්ල දිස්ත්‍රික් සමුහ
ජයසේන විජේනායක

නව අදහස දක්වන්න