බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රහාරකයා හඳුනා ගැනේ - update | දිනමිණ

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රහාරකයා හඳුනා ගැනේ - update

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ සිදුවූ ත්‍රස්ත ක්‍රියාව සිදුකළ තැනත්තා හඳුනාගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, කලිඩ් මසූඩ් නම් එම පුද්ගලයා පෙර සිදුවීම් ගණනාවකට ම වැරදිකරු වූවෙකු බව ය.

52 හැවිරිදි ඔහු බටහිර මිඩ්ලන්තයෙහි වාසය කළ බ්‍රිතාන්‍ය පුරවැසියෙකි.

ප්‍රහාරයේ වගකීම අයි.එස්. සංවිධානය භාරගත් අතර එහිදී ප්‍රහාරකයා, පොලිස් නිලධාරියෙකු, පාසල් ගුරුවරියක, අමෙරිකානු සංචාරකයෙකු ඇතුළු 05 දෙනෙක් මිය ගියහ.

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් පුද්ගලයින් 08 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කළේ ය.

ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් පාලම මත පදික වේදිකාවේ ගමන් ගනිමින් සිටි පුද්ගලයින් යට කරමින් එම ත්‍රස්තවාදියා සිය රථය ධාවනය කර තිබිණි.

පසුව ඔහු තියුණු ආයුධයකින් පහර දී පොලිස් නිලධාරියෙකු ඝාතනය කළ අතර පොලිස් ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රහාරකයා ද මිය ගියේ ය.

 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසළදී ප්‍රහාරයක් - update

ලන්ඩනයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ දී පොලිස් නිලධාරියකුට පිහි ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙසින් පොලිසිය විග්‍රහ කරන සිදුවීමේදී කාන්තාවක ද මරුමුවට පත් වී තිබේ.

වෙස්ට්මින්ස්ටර් පාලම මතදී ඕනෑකමින්ම පදිකයන් වෙතට සිය රිය පදවාගෙන ගිය බව සැලකෙන ප්‍රහාරකයාට පොලිසිය වෙඩි තබා ඇත. එහිදී අවම තරමින් සිව් දෙනෙකුවත් තුවාල ලබා ඇති බව වාර්තාවල දැක්වේ.

ඉන් අනතුරුව සිය රථය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ වැටේ ගැටුණු අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරියාට පිහි පහර එල්ල කළේය.

වෙඩි හඬ ඇසෙත්ම, අගමැතිනි තෙරේසා මේ ආරක්‍ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති අතර ඇය ආරක්ෂිතව පසුවන බව අගමැති කාර්යාලය පවසයි.

බකිංහැම් මාලිගයේ ද ආරක්ෂාව තරකර තිබෙන අතර, සිදුවීම සම්බන්ධයෙන් බකිංහැම් මාලිගය මෙතෙක් කිසිවක් ප්‍රකාශ කොට නැත.

වෙඩි ප්‍රහාර තුනක් හෝ හතරක් තමන්ට ඇසුණු බව මන්ත්‍රීවරු පවසති.

සිය කාර්යාල තුලම රැඳී සිටින ලෙස පාර්ලිමේන්තුවේ සේවකයන්ට උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තු රැස්වීම අත්හිටුවා ඇති අතර, වෙස්ට්මින්ස්ටර් ප්‍රදේශයට පැමිණීමෙන් වලකින මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දර්ශන සදහා පිවිසෙන්න...

 

 

 

 

නව අදහස දක්වන්න