රත්නපුර ශ්‍රී රාහුල විදුහලේ ගොඩනැඟිලිවල වහල දිරාපත් | දිනමිණ

රත්නපුර ශ්‍රී රාහුල විදුහලේ ගොඩනැඟිලිවල වහල දිරාපත්

කුරුවිට සමුහ රුපිකා කේ.බණ්ඩාර

දූ දරුවන් පන්සියයකට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබන ර/සුදාගල ශ්‍රී රාහුල විදුහලේ පවතින අඩුපාඩු සපුරාදිමට කටයුතු කරන ලෙස මවුපියෝ සහ ආදි ශිෂ්‍ය සංගමය අදාළ බලධාරින්ගෙන් ඉල්ලිම් කරති.පැරැණි බව හේතුවෙන් වහලය ඉතා අබලන්ව තිබෙන ගොඩනැඟිල්ලකද පන්ති පවත්වාගෙන යාමට සිදු වි තිබෙන්නේ ඒ සඳහා වෙනත් සථානයක් නොමැති බැවිනි.පුස්තකාල ගොඩනැඟිල්ලේද වහලය දිරාපත්වි දියකාන්දු වෙමින් තිබේ. විදුහල් භූමියද සෝදාපාළුවට ලක් වී ගොසිනි. විදුහලට ඉඩකඩ සහිත රැස්විම් ශාලාවක්ද නොමැති බැවින් මවුපිය රැස්විම් පවත්වන අවස්ථාවලදි බොහෝ පිරිසකට එළිමහනේ රැඳි සිටිමට සිදු වේ. වර්ෂා දිනවලට ගැටලු රැසකි.එක් එක් විෂයයන් සඳහා වෙන් වු ස්ථානද මේ පාසලේ නැත. කොතරම් අඩුපාඩු මධ්‍යයේ වූවත් ගුරුමණ්ඩලය මනා කැපවිමකින් අධ්‍යාපන හා විෂය බාහිර කටයුතුවල නියැලිම පිළිබඳව මවුපියෝ සිය කෘතඥතාව පළකර සිටිති. පළමු වසර සිට එකොළහ වසර දක්වා පන්ති පැවැත්වෙන මෙහි සිසු සිසුවියන් විවිධ අංශයන්ගෙන් ලබාගත් ජයග්‍රහණයන්ද බොහෝය. එබැවින් මවුපියන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අඩුපාඩු සපුරා දිමට කටයුතු කරන ලෙසය.

නව අදහස දක්වන්න