ඕමාන් ගුවන් සේව­යට B737 – 800 යානා | දිනමිණ

ඕමාන් ගුවන් සේව­යට B737 – 800 යානා

ඕමාන් සුල්තාන් ජාතික ගුවන් සේවයෙහි අනුයුක්ත ගුවන් සේවයක් වන ඕමාන් ගුවන් සේවය සඳහා නව බෝයිං B737 – 800 ගුවන් යානා පසුගිය මාර්තු 15 වන දින සිට හඳුන්වා දී ඇත. එම යානා කෙටි සහ මධ්‍යම ප්‍රමාණයේ ගමන් මාර්ගවලට පිවිසෙයි. මෙම ගුවන්යානා තුළ පවතින මුළු ආසන සංඛ්‍යාව 162කි. ඒ අතර අඟල් 46කින් යුත් ව්‍යාපාරික පන්තියේ ආසන 12ක් සහ අඟල් 30කින් යුතු වාණිජ පන්තියේ ආසන 150කින් යුක්තය. තව ද මේ සෑම ආසනයකටම සම්බන්ධ කර නිම කරන ලද අඟල් 10.6කින් යුක්ත වන LCD තිර සවි කර ඇත.

ඕමාන් ගුවන් සේවයේ නිෂ්පාදන සහ වෙළෙඳ නාම සංවර්ධන ප්‍රධානී මෙන්ම විධායක උපසභාපති වන අබ්දුල් අසීස් ඇල්රයිසි පවසන ලද්දේ ඕමාන් ගුවන් සේවයෙහි ඇති කරන මෙම පුළුල් වෙනස මගින් සංචාරක කර්මාන්තයේ පුළුල් සංවර්ධනයක් ඇති කළ හැකි බවත් ඕමාන් ගුවන් සේවයෙහි කාර්යක්ෂමතාව, විශිෂ්ඨ නඩත්තු කාර්ය මණ්ඩලය සහ ඔවුන් සතුව පවත්නා සුවිශේෂී වූ දක්ෂතාවයන් හේතුවෙන් තවදුරටත් ඕමාන් ගුවන්සේවය සංවර්ධනය කළ හැකි බවත් ය.

නව ගුවන් යානා හඳුන්වා දීම, ගුවන් යානා ජාල ව්‍යාප්තිය ඉදිරියේදී සිදු කිරීමට නියමිත ඕමාන් එයාර් ගුවන් සමාගමේ උන්නතිකාමී සංවර්ධන වැඩපිළිවෙළකි. 2016 වර්ෂයේදී කර්මාන්ත සම්මාන රැසක් දිනාගත් ඕමාන් ගුවන් සේවය 2017 වර්ෂයේදීත් ලොව තිරසාර ගුවන් සමාගමක් වීමට බලාපොරොත්තුවෙන් සිටියි. 

නව අදහස දක්වන්න